දේශීය පුවත්

පසුගිය ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ට ලිට්රෝ ගෑස් සමාගමේ ගිණුමකින් මාසිකව ලබාදුන් දීමනාවන් සහ එම නම් ලැයිස්තුව අනාවරණය කර ගැනීමට ‘මව්බිම’ට හැකි විය.

එම ලැයිස්තුවේ සඳහන් නම් 57 අතර පූජ්‍ය දඹර අමිල හිමි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජස්ටින් ගලප්පත්ති, ජනක මල්ලිමාරච්චි සහ කොළඹට නුදුරු විහාරස්ථානයක අධිපති පදවිය දරන ප්‍රකට හිමි නමකගේ සොහොයුරියක්ද වෙති.

ඒ අනුව ලිට්රෝ ගෑස් සමාගමේ ව්‍යාපාර සංවර්ධන විධායකවරුන් ලෙස 44 දෙනකුට සහ අමාත්‍යාංශ සම්බන්ධීකාරකවරුන් ලෙස අට දෙනකුටද සීමාසහිත ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා පෞද්ගලික සමාගමෙන් පස් දෙනකුටද මුදල් ගෙවා තිබේ.

ඔවුන් සඳහා රුපියල් ලක්ෂයේ සිට රුපියල් විසිදහස දක්වා වන විවිධ මට්ටමේ දීමනාවන් මාසිකව ගෙවා තිබේ.

මේ පිළිබඳව මුල් වරට හෙළි වූයේ පසුගියදා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයකදී ලිට්රෝ ගෑස් සමාගමේ රහසිගත ගිවිසුමකින් පූජ්‍ය දඹර අමිල හිමියන්ට මාසිකව රුපියල් 95,000ක මුදලක් ගෙවූ බවට කරුණු සැලවීමත් සමඟය.

ඉන් පසුව සිදු කරන ලද ගවේෂණාත්මක විමර්ශනයකදී අනෙකුත් නම් සියල්ලද අනාවරණය කර ගැනීමට අපට හැකි විය. දඹර අමිල හිමියන්ට අමතරව එහි සඳහන් නම් ලැයිස්තුව සහ ඔවුන්ට ගෙවන ලද දීමනා පහත සඳහන් වේ.

– Mawbima



6 thoughts on “ලිට්රෝ ගෑස් හෙළිදරව්වෙන් චීවරධාරී දඹර අමිල හිමි ඇතුළු NGO කල්ලියට යන එන මං නැති වෙයි (Video)”

  1. How did these persons and their colleagues suddenly emerge as so-called “civil society”. They now appear to be hired guns masquerading as independent voices.

  2. මෙම පුද්ගලයින් සහ ඔවුන්ගේ සගයන් හදිසියේම ඊනියා “සිවිල් සමාජය” ලෙස හැදින් වූයේ කෙසේද? දැන් ඔවුන් ස්වාධීනව හඬ නඟා තුවක්කු කුලියට ගත්තෝය.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More