දේශීය පුවත්

පසුගිය කාලය තුළ තමන් විසින් සිදුවූ වැරදි නිවරදි කර නාමිකව හෝ ඕනෑම කොන්දේසියක් යටතේ ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දෙන ලෙස අද (30) ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ නායකයන් සමග පැවති සාකච්ඡාවේ දී කබීර් හෂීම් සහ රාජිත සේනාරත්න මන්ත්‍රීවරු ජනාධිපතිවරයාගෙන් බැගෑපත්ව ඉල්ලා ඇත.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා ඔවුන් සමග පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම හේතුවක් මත නැවත වතාවක් තමන් විසින් අගමැති ධුරය ලබා නොදෙන බවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා සජිත් පේ‍්‍රමදාස, රවි කරුණානායක, කබීර් හසීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, මනෝ ගනේෂන්, දිගම්බරන්, බදුර්දීන්, චම්පික රණවක, රවුෆ් හකීම්, ගයන්ත කරුණාතිලක යන එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් එක්ව සිටියහ.

සාකච්ඡාව ආරම්භයේදීම ජනාධිපතිවරයා විනාඩි තිහකට ආසන්න කාලයක් මේ කරුණු පැහැදිලි කරමින් පසුගිය වසර තුනහමාරක කාලයේ දී රටට සිදුවූ විනාශය සහ ආර්ථික පසුබෑම ගැන දීර්ඝ විස්තරයක් සිදු කළේ එක්සත් ජාතික පෙරමුණේ කිසිදු නියෝජිතයෙක් බාධා කිරීමකින් තොරවය.

රනිල් වික්‍රමසිංහ වෙනුවට වෙනත් අයකු පත් කරගන්න තමන් අවස්ථා ගණනාවක යෝජනා කළ ද අද වනතුරු එම කටයුත්ත සිදු කර ගැනීමට හැකි වී නැති බවද පවසා ඇති ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම තමන් අගමැති ධුරය ලබා නොදෙන බව දැඩිව අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා සිය දීර්ඝ අදහස් දැක්වීම අවසන් කරමින් එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ට අදහස් දක්වන්න කී පසු ඔවුන් විනාඩි තුන හතරක් කටඋත්තර නැති ව සිට ඇති බවද වාර්තාවෙයි.

අනතුරුව කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් යෝජනා කර ඇත්තේ පොදු වැඩපිළිවෙළක් යටතේ එක්වී කටයුතු කරන කිරීමට හැකිද යන්නය.

ජනාධිපතිවරයා ද එය හොඳ අදහසක් බවත් සඳහන් කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් කර එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි බව ද සඳහන් කර ඇත.

එහිදී ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විසින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ බලය ඇත්තේ එක්සත් ජාතික පෙරමුණට නිසා නව අගමැතිවරයෙක් පත් කළ යුතු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අගමැති පත් කිරීමේ බලය ඇත්තේ තමනට මිස පාර්ලිමේන්තුවට නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම තමන් පත් කර අගමැතිගේ කටයුත්තක් බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ ‘ඔබතුමා නායකත්වය අරගන්න. අපි ඔබ කියන විදිහට කරන්නම්. රනිල් වික්‍රමසිංහ මහතා නාමිකව හෝ අගමැති ලෙස තියාගෙන ඉදිරි කාල සීමාව ආණ්ඩුව කරගෙන යමු’ යනුවෙනි.

ඊට ද ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් කිසිසේත්ම අගමැතිවරයා ලෙස යළි රනිල් වික්‍රමසිංහ මහතාට කිසිම හේතුවක් මත පත් නොකරන බවයි.

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර පැය දෙකකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාව කිසිදු විසදුමකින් තොරව අවසන් වී ඇති බවද එම ආංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More