දේශීය පුවත්

වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නැත්තේ නම් නැවත වතාවක් විධිමත් ආකාරයෙන් විශ්වාසභංගයක් ගෙනවිත් එය සම්මත කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(30) දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වෙත සඳහන් කර තිබේ.

අද(30) පස්වරුවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව ඉදිරියේදී ඉදිරිපත් වන විශ්වාසභංගයේ ප්‍රතිඵල මත තමන් තීරණයක් ගන්නා බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

පසුගිය දා සම්මත කළේ යැයි කියන විශ්වාසභංගයක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයක් මත පිහිටා සම්මත කළ ඒවා නොවන නිසා මෙවර හෝ ඒ මත පිහිටා විශ්වාසභංගය ගෙන එන ලෙස ද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.

මේ තත්ත්වය මත එළඹෙන 07දා නඩු විභාගයට පෙර විධිමත් ක්‍රමවේදයට විශ්වාසභංගයක් ගෙන ඒම දැඩි අසීරු තත්ත්වයකට පත්ව තිබේ.

මුලින්ම කතානායකවරයා විසින් අගමැති මහින්ද රාජපක්ෂ සහ සන්ධාන ආණ්ඩුව පිළිගත යුතු අතර ඉන් අනතුරුව පාර්ලිමේන්තු තේරීම්කාරක සභා ඇතුළු සියලු කාරක සභා පත් කර විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් කර දින පහක පමණ සාධාරණ කාලයක විවාදයක් ද ලබා දී ඡන්ද විමසීමකට ගත හැක.

එම කාලය ගත වන විට අධිකරණයේ නඩු තීන්දුව බොහෝ දුරට ලබා දී තිබෙනු ඇති බවට දේශපාලන විචාරකයෝ මත පළ කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More