දේශීය පුවත්

විදේශිකයන්ට පන්දම් අල්ලන, විදේශිකයන්ගේ චින්තනය කරේ තියාගෙන යන ඔවුන්ගේ න්‍යාය පත‍්‍ර අනුව කටයුතු කරන ඩොයිලිලාගේ ක‍්‍රමය මේ රටේ ක‍්‍රියාත්මක කිරිමට උත්සාහ කරන දේශපාලඥයින්ට ඌව වෙල්ලස්ස අරගලයෙන් පාඩම් කියාදීම මේ රටේ ජනතාවගේ වගකීමක් යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුයේ ඌව වෙල්ලස්ස නිදහස් අරගලයේ දෙසියවස් සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී මෙම උත්සවය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් පැවැත්විණ.

1818 නිදහස් සටනේ 200 වැනි සැමරුම් කෙටි වාර්තා වැඩසටහනක් නැරඹු ජනාධිපති මෛත‍්‍රීපාල මහතා මෙසේද පැවසීය. ”මේව දකිනකොට අපේ ඇගේ ලේ රත් වෙනවා”

‘‘අවුරුදු දහස් ගණනක ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගුරුවරයෙක් ලෙස අපට කෙතරම් පාඩම් කියාදෙනවාද. අපි ඌව වෙල්ලස්ස අරගලය ගැන කතා කළ යුත්තේ ඒ පාඩම් ඉගෙන ගැනීමටයි.

අවුරුදු හැත්තෑවක නිදහසක් ගැන අපි කතා කළත් එය පොතට ,ව්‍යවස්ථාවට නීතියට පමණක් සීමා වෙලා. ඇත්තට රටේ ජනතාවගේ මනස නිදහස් වෙලා නැහැ. ඔවුන් තවමත් යටත් විජිතවාදයට ඔලූව නවන මනසක් සහිත ජනතාවක්. ඒ සමාජය අපිව වෙනත් ලෝකයකට ගෙනියන්න හදනවා. අද ඇත්ත දේශපේ‍්‍රමියා හා දේශද්‍රොහියා හඳුනාගන්න ජනතාවට නොහැකි වෙලා.

කවදත් සටන්කාමී ශ‍්‍රී ලාංකික ජනතාව, සමගියෙන් සටන් දිනූ ජනතාව බේද භින්න කරන්නට ඩොයිලිට හැකිවුණා. එයින් ඔවුන් සටන දිනුවා. අදත් එවැනි ජෝන් ඩොයිලිලා නැවත ඉපදීලා. ඔවුන්ට එරෙහිව සටන් කිරිම ඔබේත් මගේත් වගකීමක්.‘‘යැයි ජනාධිපතිවරයා පැවැසීය.



2 thoughts on “ජෝන් ඩොයිලිලාගේ ලණු කන දේශපාලකයෝ අදත් අපේ රටේ ඉන්නවා – ”මේව දකිනකොට ඇගේ ලේ කකියනවා””

  1. කාලෙකට පස්සෙ නියම කතාවක්. වත්මන් පාර්ලිමේන්තුව දිහා බැලූවිට මෙය මොනවට පැහැදිලි වෙයි. ස්තූතියි ඔබට මෙය වටහා ගත්තාට.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More