දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණට සහාය දීමට දෙමළ ජාතික සන්ධානය විසින් ගනු ලැබූ තීරණයට දැඩි අප්‍රසාදය පලකරන ටෙලෝ සංවිධානය සහාය දුන් මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහාය ඉල්ලා අස්කර ගැනීමටද කටයුතු කරන බව සඳහන් කර සිටීයි.

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් හා නියෝජිත කවින්ද්‍රන් කෝඩිස්වරන් යන මන්ත්‍රීවරුන් විසින් එක්සත් ජාතික පෙරමුණට සහාය පළ කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ මෙම තීරණය හේතුවෙන් ටෙලෝ සංවිධානයේ මධ්‍යම කාරක සභා රැස්වීමද හදිසියේම සෙනසුරාදා (01)වැනි දා වව්නියාවේදී කැදවා තිබේ.

දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගත යුතුව තිබුණේ පක්ෂ සම්බන්ධීකරණ කමිටු තීරණයකට අනුව මිස පාර්ලිමේන්තු කණ්ඩායම් තීරණයකට අනුව නොවන බවත් මෙකී තීරණය පිළිනොගන්නා බවත් ටෙලෝ සංවිධානයේ උප සභාපති හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය

වත්මන් දේශපාලන තත්ත්වය මැද මහින්ද පරද්දනවාද රනිල් දිනවද කියල හිතල කටයුතු කිරීම සුදුසු නැහැ. දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන මේ යූ.එන්.පී ආණ්ඩුවට සහාය වෙලා අවුරුදු තුනහමාරක් දෙමළ ජාතික සන්ධානය කටයුතු කළත් ඒ ප්‍රශ්න විසදා දෙන්න පුළුවන් වුණේ නැහැ.ඒ ආණ්ඩුව ගැන අපටත් දෙමළ ජනතාවටත් කිසිදු විශ්වාසයක් නැහැ.

මේ ගැන කටයුතු කරන්නෙ කොහොමද කියල සාකච්ඡා කර තීරණය කරන්න දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම කැඳවන්න කියල අපි සන්ධානයේ නායකත්වයෙන් ඉල්ලුවා. එහෙත් එහෙම කළේ නැහැ. මහින්ද ද රනිල් ද කියල බලන්නේ නැතුව දෙමළ ජාතික සන්ධානය මේ දෙපාර්ශවය එක්කම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න තිබුණා. ඒ ප්‍රශ්ණ විසඳා දෙනවා කියල පිළිගන්න පුළුවන් පොරොන්දුවක් දෙන පාර්ශවයකට සහාය දෙන්න තිබුණා.

එක්සත් ජාතික පෙරමුණට සහාය පල කරල දෙමළ ජාතික සන්ධානයේ 14 දෙනෙකු අත්සන් කරල තියෙනවා. අපි අපේ පක්ෂය නියෝජනය කරමින් මීට අත්සන් තැබූ දෙදෙනාගේ සහාය ඉල්ලා අස්කර ගැනීමට බලකරනවා. පක්ෂයේ පොදු අදහසට විරුද්ධව පක්ෂ නායකත්වයත් පක්ෂයේ නියෝජිතයිනුත් කටයුතු කරන්නෙ නැහැ,යැයිද සිවාජිලිංගම් මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More