නවතම අයි.සී.සී. පන්දු වාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයට පැමිණ තිබේ.
ප්‍රසාද ලකුණු 119 ක් ලබා සිව්වන ස්ථානයේ රැඳී සිටි ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය තුනට බින්දුවක් ලෙස ජය ගැනීමත් සමඟ ප්‍රසාද ලකුණු 121 ක් සමඟින් දෙවන ස්ථානයට පත්ව ඇති බව සඳහන්ය.
ප්‍රසාද ලකුණු 124 ක් ලබා සිටින පකිස්ථාන කණ්ඩායම පළමු ස්ථානයේත් ප්‍රසාද ලකුණු 120 ක් ලබා සිටින බටහිර ඉන්දීය කණ්ඩායම තෙවන ස්ථානයේත් පසු වෙයි.
කෙසේවෙතත් විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගතකිරීම් හී පළමු ස්ථානයේ පසු වූ ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි නවතම ශ්‍රේණිගතකිරීම්වලට අනුව තෙවන ස්ථානයට පත්ව තිබේ.
ඒ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලියට සහභාගී නොවීම හේතුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...