Uncategorized

එක්සත් ජාතික පෙරමුණට සහය පළකිරීමේ ලිපිය ලබාදීමෙන් පසු තම ඉල්ලීම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආර්.සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලීමේන්තු කණ්ඩායම 29 දා සවස 4.30 ට පමණ අරලියගහ මන්දිරයේදි රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

එම හමුවේදි දෙමළ ජාතික සන්ධානය ලබාදෙන සහය වෙනුවෙන් වශයෙන් ඉල්ලීම් ගණනාවක් ඇතුළත් ලැයිස්තුවක් ඉදිරිපත් කළ අතර ඒ සියලු ඉල්ලීම් ඉටුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටියි.

1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩිනමෙන් ගෙන ඒම

2. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම

3. දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම

4. උතුරේ ආරක්ෂක හමුදාව බාරයේ ඇති ඉතිරි ඉඩම් නිදහස් කිරීම

5. උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදු නොකිරීම

මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමටත් එකඟවී ඇති අතර තම පක්ෂයේ සහය ඇතිව පිහිටුවනු ලබන නව ආණ්ඩුවේ තනතුරු ලබා නොගත්තද උතුරු නැගෙනහිර කිසිදු ක්‍රියාවක් දෙමළ ජාතික සන්ධානයේ අවසරයකින් තොරව සිදුනොකළ යුතු බවට කරන ලද ඉල්ලීම එලෙසින්ම ඉටුකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම හමුවට සිවඥානම් සිරිධරන් හා එස්.සිවමෝහන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරන් දෙදෙනා හැර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහභාගී වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More