දේශීය පුවත්

2018 වසරේ දෙරණ ලිට්ල් ස්ටාර් ගායනා තරඟාවලියේ ජනප්‍රිය තරුව සහ අනුශූරතාව හිමිකරගත් සුවිශේෂී ගායනා හැකියාවෙන් යුත් අක්ෂා චමුදි දියණියගේ පවුලට ඔවුන් ජීවත්ව සිටින නිවස අංග සම්පූර්ණව ඉදිකර දීමට හෝ කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 37 ක් වටිනා නිවසක් ලබාදීමට කටයුතු කරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

අක්ෂා චමුදි දියණිය හා ඇයගේ මව් පියන්, නිවාස හා සමාජ සුභසාධන අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය. බත්තරමුල්ල, සෙත්සිරිපාය (පළමු අදියර) දෙවන මහළේ පිහිටි නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (29) දින මෙම හමුව සිදුවිණි.

අක්ෂා චමුදි දියණිය ඇතුළු එම පවුලේ සාමාජිකයින් දැනට ජීවත්ව සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ, කටුවන ප්‍රදේශයේ අඩක් ඉදිකර ඇති කුඩා නිවස ජාතික සංවර්ධන අධිකාරියේ සෙවණ අරමුදලේ මූල්‍ය දායකත්වයෙන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් අංග සම්පූර්ණව ඉදිකර දීමට හෝ එසේ නැත්නම් අක්ෂා චමුදි දියණියගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුව ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 37 ක් වටිනා නිවසක් ලබා දීමට අමාත්‍යවරයා තීරණය කළේය.

මෙම තීරණය පිළිබඳව අක්ෂා චමුදි දියණිය හා ඇයගේ මව් පියන් දැනුවත් කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අවුරුදු 6 ක් වයසැති මෙම දියණියට පවතින සහජ දක්ෂතාවය තවත් වර්ධනය කර ඇයගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ට හැකි උපරිම සහය ලබා දෙන බවත්, මෙම දියණිය දැනට පදිංචි නිවස ඉදිකරගැනීම හෝ මොරටුව මහල් නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබා ගැනීම යන අවස්ථා දෙකෙන් වඩාත් සුදුසුම අවස්ථාව පිළිබඳව හොඳින් සිතා බලා ගන්නා තීරණය කඩිනමින් තමන්ට දැනුම් දෙන ලෙසද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “මෑත කාලයේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් මඟින් විකාශය කළ සංගීත වැඩසටහනකින් අවුරුදු හයක දියණියගේ සුවිශේෂි හපන්කම් පෙන්වන අයුරු මෙරට සෑම සියලු දෙනාටම දැක ගන්නට හැකිවුණා. ඒ සියලු දෙනාම මෙම දියණියගේ ගායන දක්ෂතාවයන් දැක විශ්මයට පත් වුණා. ඒ දියණිය හා ඇයගේ දෙමාපියන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක් දුෂ්කර ප්‍රදේශයක ජීවත් වනවා. සාමන්‍ය පාසලක අධ්‍යාපනය හදාරණ මෙම දියණිය සතුව සහජ හැකියාවක් ඈතුළ නිදන්ගතව පවතින බව අපට පැහැදිළිව පෙනුණා. මෙම දියණිය තම දක්ෂතාවයන් දියුණු කර ගනිමින් මෙරට සංගීත ක්ෂේත්‍රය පුබුදුවාලන්නට හැකි දියණියක් ලෙස අප හඳුනා ගත්තා. එ අනුව එම දියණිය දැනට ජීවත් වන නිවස නවීකරණය කර දීමට හෝ ඔවුන් කොළඹට පැමිණෙනවා නම් මොරටුව ප්‍රදේශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මහල් නිවාස සංකීර්ණයකින් රුපියල් මිලියන 3.7 ක් පමණ වටිනා, වර්ග අඩි 500 කට වැඩි ප්‍රමාණයකින් යුත් නිවසක් ලබා දෙන්නට අප සුදානම්. මෙම තීරණ දෙක සම්බන්ධයෙන් සාකච්ඡා කර කර විකල්ප දෙකෙන් එකක් තෝරාගෙන අපට දැනුම් දෙන ලෙස දියණියගේ මව් පියන්ට අප භාර දුන්නා. කවර තීරණයක් ගත්තද සෙවණ අරමුදලින් ලබා දිය යුතු මුල්‍ය දායකත්වය ලබා දීමටත්, දියණිය දැනට පදිංචිව සිටින ගමේ නිවස අලුත්වැඩියා කරනවා නම් නිවසේ අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට ස්වෙච්චාවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ශ්‍රම දායකත්වය ලබා දීමටත් ඉදිරිපත් වී සිටිනවා. සෑම අංශයකම සහයෝගය ලබා ගෙන දක්ෂතාවලින් පිරිපුන් සහජ හැකියාවෙන් අනූන ආදරණීය දියණියට අනාගතය ජය ගැනීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ලබා දීමට අප බලාපොරොත්තු වනවා.“ යනුවෙන්ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

හොරවින්න, කටුවන පදිංචි ආක්ෂා චමුදි දියණියගේ වයස අවුරුදු 6 කි. ඇය වලස්මුල්ල, කටුවන, හොරවින්න මහා විද්‍යාලයේ 2 වන වසරේ අධ්‍යාපනය ලබයි. එස්. ඒ. අජික් කුමාර නිසාන්ත මහතා පියාද, වයි. එම්. චන්ද්‍රාවතී මහත්මිය මව වේ. වැඩිමහල් සහෝදරයෙක් හා සහෝදරියක් සිටින පවුලේ ඇය බාල දියණියයි. මෙම අවස්ථාවට නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ, අතිරේක ලේකම් සමන් උඩවත්ත, ජාතික නිදහස් පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නායක ජයන්ත වන්නිආරච්චි, ශ්‍රී ලංකා යුද හමුදාවේ ලෙෆ්ටිනන් කර්නල් උපුල් රත්නායක, ශ්‍රී ලංකා යුද හමුදාවේ කැප්ටන් ජනිත් රුවන් පතිරණ, කටුවන හොරවින්න මහා විද්‍යාලයේ විදුහල්පති ඒ. ඒ. පී. නාමල් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය,
නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යාංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More