පුරවැසි කොලම

මීළඟට මොකද වෙන්නේ,දේශපාලනයට උනන්දුවක් දක්වන සැම දෙනාට ඇති ප්‍රධාන ප්‍රශ්නය එයයි.ඊයේ දෙමළ සංධානය එජාප ආණ්ඩුවකට සහය දෙන බව මන්ත්‍රීවරැන් 15 දෙනෙකුගේ අත්සනින් ජනාධිපතිතුමා වෙත ලිපියක් මගින් දන්වා තිබුණි.කතානායක කරු ජයසූරිය මහතාද ජනාධිපතිතුමා සමග පවතින තත්වය ගැන සාකච්ඡා කර තිබුණි.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරැන් ප්‍රමාණයකගේ විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයා රටේ අගමැතිවරයා ලෙස පත් විය යුතු බවට විවාදයක් අපට නැත.එහෙත් විධිමත් ලෙස සම්මත කළ විශ්වාසභංගයකින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කරද නැත.එසේම දෙසැම්බර් 07 වන දින ශේෂ්ථාධිකරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථකථනයක්ද සහිතව ලබාදීමට නියමිත නඩු තීන්දුවක්ද පවතී.එය ලාංකීය දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත්වීම වැලැක්වීමටද නොහැකිය.මෙවන් තත්වයක් යටතේ කතානායකවරයා විසින් කල යුත්තේ එම ශේෂ්ථාධිකරණය තීන්දුව එනතුරු පාර්ලිමේන්තුව කල් දැමීමයි.

නමුත් එතුමා ක්‍රියා කරන්නේ එජාපයට පක්ෂපාතී ස්ථාවරයක සිට බව ඕනෑම කුඩා දරුවකුට වුවත් වැටහේ.මෙයින් එක් දෙයක් පැහැදිලිව පෙනේ එනම් එජාපයේ උත්සාහය ශේෂ්ථාධිකරණ තීන්දුවට පෙර කෙසේ හෝ අගමැතිධූරය නැවත රනිල් වික්‍රමසිංහ මහතා අතට ලබා ගැනීමයි.එසේ ලබා ගතහොත් ශේෂ්ථාධිකරණය තීන්දුව කුමක් වුවත් එහි වාසිය ඔවුන්ට හිමිකර ගැනීමටය.මෙහිදී ඔවුන්ගේ මුලික අවධානය යොමුව ඇත්තේ ඔවුන්ගේ ජනතා බලවේග ජයග්‍රාහී මානසිකත්වයක තබා ගැනීමටය. ශේෂ්ථාධිකරණය තීරණය මැතිවරණයක් පැවැත්වීමට ලබා දෙන්නේ නම් ඔවුන්ගේ අගමැතිවරයෙක් හා ආණ්ඩුවක් යටතේ ජයග්‍රාහී මනසින් මැතිවරණයට මුහුණ දිය හැකිය. මැතිවරණයක් අනවශ්‍ය බව ප්‍රකාශ වන්නේ නම් ඔවුන්ගේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට හැකිය.එජාප අර්ථයෙන් බලන විට කතානායකවරයා ප්‍රමුඛ එජාපයේ ජවිපේ හා දෙමළ සන්ධානයේ උත්සාහය ප්‍රගතිශීලී ය.

මෙහිදී අපගේ කදවුරේ මහත්වරුන්ටද යමක් කිව යුතුව ඇත,අතිගරු ජනාධිපතිතුමා ගත් ඉතා දුෂ්කර තීරණය සාමූහික ජයග්‍රහණයක් කරා ගෙන යනවා වෙනුවට බොහෝ පාර්ශවයන් කළේ සිය පාර්ශවීය උවමනාවත් වෙනුවෙන් සටන් කිරීමයි.එහි ඇත්තේ පටු දේශපාලන අවස්ථාවාදය හැර වෙන කුමක්ද? පාර්ලිමේන්තුව විසිරවූදාට පසු දිනම මහින්ද රාජපක්ෂ මහතා තම පියාගේ ලේ උරුමය වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිටුපා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට පෙළබීම ඊට හොදම උදාහරණයකි.එය මේ රටේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවු රාජපක්ෂ වරුන්ට පමණක් අවශ්‍ය වු යල් පැනගිය කල්ලිවාදී සංකල්පයකි.සමහරු දේශපාලන සටන පසෙක තබා තනතුරු වෙනුවෙන් මරාගෙන මැරීමට සූදානමින් සිටි බව මොනවට පැහැදිලි විය.අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමෙන් පලක් නැත.එනිසා මීට වගකිවයුතු පිරිසක් සිටී.එනම් ඉතා පහසුවෙන් සෑදීමට තිබූ බහුතරය එජාපය වෙත පිටමන් කළ අයයි.

මෙවන් මොහොතක අවසන් ජයග්‍රහණය ගැන විශ්වාසය තබා අතිගරු ජනාධිපතිතුමා සමග තවමත් සටනේ නියැලෙන සියලු දෙනාට ජාතියේ උපහාර හිමිවිය යුතුය.අද දේශපාලනයේ කේන්ද්‍රීය ලකෂය බවට අතිගරු ජනාධිපතිතුමා පත්ව ඇත.ලාංකීය වමේ බලවේග සතු එකම සවියද එයයි.

Priyanjith Vitharana



2 thoughts on “ජාතික දේශපාලනයේ කේන්ද්‍රීය ලක්ෂය ඔහුයි,”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More