පුරවැසි කොලම

පල් හොරු

November 30, 2018 11:39 am | Lanka Lead News

හපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මසකට රුපියල් අනූ පන්දහසක (රු. 95,000/=) මුදලක් අඹර දමිළ හිමියන්ට ගෙවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී මුදිත තමානගම මහතා ඊයේ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කරනු ලැබුවා. මෙම නඩුව ඊයේ කැඳවා ඇත්තේ 2010 සිට 2014 දක්වා ගාමිණී සෙනරත් ගේ කළමණාකාරීත්වය යටතේ සිදුවූ මුල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාග කිරීම සදහායි. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුදිත තමානගම මහතා ප්‍රකාශ කර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශය විසින් කරනලද ඉල්ලීමක් අනුව ලිට්‍රෝ ගෑස් සමාගමේ පාලනාධිකාරිය දඹර අමිල හිමියන්ට මසකට එක්ලක්ෂ විසිපන්දාහක මුදලක් ඉන්දන දීමනාවක් ලෙස ලබාදීමට දැනුම් දුන් නමුත් තමන් ඊට අනුමැතිය ලබා නොදුන් බවත්, මසකට රු. 95,000 ක පමණක් ලිට්‍රෝ සමාගමේ රහස්‍ය ගිණුමෙන් ගෙවූ බවයි.

එපමණක් නොව සමාගමේ සේවකයින් නොවන එජාප ජ්‍යෙෂ්ඨයෙකු වූ වීරසිංහ මල්ලිමාරච්චිගේ පුත් ජනක මල්ලිමාරච්චි හා ජස්ටින් ගලප්පත්ති ඇතුළු තවත් පුද්ගලයින් 39 දෙනෙකුට මාස්පතා රු 75,000 සිට ලක්‍ෂයක් දක්වා පසුගිය වසර 3 තුළදී ලිට්‍රෝ සමාගමෙන් මුදල් ගෙවූ බව මුදිත තමානගම මහතා ඊයේ ත‍්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කරනු ලැබුවා. වඩාත් සිත්ගන්නා සුළු කාරණය වන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ බිලියන 06 වැනි මුදලකට රජයට පවරාගත් ලිට්‍රෝ ගෑස් සමාගම 2010 සිට 2014 දක්වා උපයා ඇති බිලියන 18.5 ලාභය යහපාලනය යටතේ 2015 සිට 2017 දක්වා මිලියන 200 දක්වා පහත බැස ඇති බව සාක්ෂි වලින් හෙළිදරව් වීමයි. සමාගමට කිසිම සම්බන්ධයක් නැති දඹර අමිල ඇතුළු 39 දෙනෙකු මාස් පතා ලක්ෂ ගණනින් කප්පම් ආකාරයෙන් මුදල් ගනිද්දී ලාභය මිලියන 200යේ සීමාවක නැවතීම පුදුමයි. තායිවානයේ ෆා ඊස්ටන් බැංකුවෙන් ඩොලර් මිලියන 2.1ක මුදලක් ලංකා බැංකුවේ පෞද්ගලික ගිණුමකට ඇද ගත්තේ ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ෂලීල මුණසිංහ බවත් මේ සමග මතක් කර ගැනීම හොදයි.

මේ හොර ගුහාවට අමතරව චින්තා ලක්ෂ්මී ගේ කෘති පවා හොරෙන් මුද්‍රණය කර ලාභ ඉපයූ හරක් විජේසුරිය නැමැත්තා තමන්ගේ පොත් එළිදැක්වීමේ උත්සව පවා සංවිධානය කරගෙන ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මුදල් ගරා ගැනීමෙනි. සමනලී ෆොන්සේකාගේ ස්වාමි පුරුෂයා වූ ඉන්ද්‍රචාපා සංහිදියාව නාමයෙන් ගයන බල්ලකුට අහන්න බැරි ගීතයක් නිර්මාණය කිරීමට මිලියන 12ක් ගාමිණී වියන්ගොඩගේ බෑනා සුබාෂ් පින්නපොල ලබාගෙන ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙනි.

පාරවල් කාපට් කිරීමට අඩි, කිලිමීටර්වලට මෙච්චර ගියා දැයි ගණන් හැදු මොවුන් විෂුවල් සමග විනාඩි 07 ක ගීතයක් නිර්මාණය කිරීමට ලක්ෂ 120 ක් ගසාගෙන තිබේ. මේ දැනට හෙළිදරව් වූ තොරතුරු ස්වල්පයක් පමණි. රටේ ජනතාවට අධික බදු ගසා සාධාරණ සමාජයක් වෙනුවෙන් පෙරට ආ යහපාලිතලට රාජ්‍ය ආයතනවලින් මාස්පතා කප්පම් ගෙවන්නට සිදුවී ඇත්තේ රෙජීමය පෙරළීමට දැක්වූ දායකත්වයට මිස වෙන කුමකටද? අදත් ඔවුන් අට්ටාල ගසා ප්‍රජාත්‍රන්තවාදය මුවාවෙන් වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් කණ්ඩ සත්‍යග්‍රහයේ යෙදෙන්නේත් මීවදය ගිලිහීයන සොහොන් ලකුණු නිසාවෙන්. මෙහෙව් නීලකාස හොරු තමයි රටේ වංචා දුෂණයට එරෙහිව සාධාරණ සමාජක් හදන්න එන්නේ.

ජපුරෙන් හොර උපාධියක් පවා ජර්මන් ජාතිකයකුට අලෙවි කොට මුදල් ගැරූ මේ භික්ෂුව අද ප්‍රජාත්‍රන්තවාදයේ නාමයෙන් කෑමොර දෙන්නේ ඩොලරයට අමතරව ලංකාවේ සල්ලි උල්පත් ද සිදී ගිය නිසා.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More