දේශීය පුවත්

පිස්සු කථානායකගේ පිස්සු වැඩවලට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න අපි සටන් කරනවා. අපි පොත්වලින් ගැහුවා. පුටුවලින් ගැහුවා. අපි නෑ කියන්නේ නැහැ. ඒ වගේම ඉදිරියටත් මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් එතුමා රකින්න අපි ජීවිත පරිත්‍යාගයෙන් ජනතාව සමඟ අත්වැල් බැඳ ගන්න සූදානම් යැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දිවුලපිටියේදී පැවැසීය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේ පොදුජන පෙරමුණේ දිවුලපිටිය ආසන බල මණ්ඩලය අමතමිනි.
එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙසේද කීවේය.

අපේ රට ගමන් කළේ අගතියට. ඒ නිසා මහින්ද රාජපක්ෂට මේ රටේ අගමැතිකම ගන්න සිදුවුණා. තව ඉන්න තිබුණා කියනවා. තව අවුරුද්දක් හිටියා නම් රට විකුණනවා. ආර්ථිකය කඩා වැටෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අගමැතිකම භාරගත් නිසා ඒ සියල්ල නතර වුණා. අද පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම සටන් කරන්නේ සුමන්තිරන් හා රතු අලි පැටව් ටිකයි.

වැටිච්ච ආණ්ඩුව රකින්න කැප වෙන්නේ රතු අලි පැටව් ටික මිසක් එඩ්වඩ් ගුණසේකර නෙවෙයි. නමට ඉස්සරහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියලා තිබුණට ඔවුන් තමයි හිටපු නිල ආණ්ඩුව. ඔවුන් ඉන්නේ රනිල්ගේ, මලික්ගේ සාක්කු වෙයි. වරාය විකුණා ගත් කොමිස් කුට්ටි ජවිපෙ නායකයන්ටත් ලැබුණා. ඒ නිසා ඒ අයට හරි කැක්කුමක් තිබුණත් රනිල් අගමැති කරන්න අස්සම ගහන්න ලැජ්ජයි. මහින්ද අගමැති වුණේ නිසි වේලාවට රටට අවශ්‍ය වේලාවකයි.

ඡන්ද 29ක් පැරැදිච්ච රනිල්ට 2010 ඉඳන් පක්ෂයේ නායකයා විදියට ජනපති අපේක්ෂක වෙන්න බැරිවුණා. ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් රනිල් ජනාධිපති වෙන්න ගිය ගමන වලක්වා මෛත්‍රි මහත්තයා මහින්ද මහත්තයා අගමැති කළ එක අපි අමතක කරන්නේ නැහැ.

මිස්ටර් ක්ලීන් පට්ට පල් බොරු කියන්නේ කියලා කවුරුවත් විශ්වාස කළේ නැහැ. වතාවක් රනිල් සූට්කේස් එක අරගෙන අරලියගහ මන්දිරෙන් ගියේ ගාමිණී අගමැති කරයි කියන බයට මිස බලයට කෑදර නැති නිසා නෙවෙයි.

අද පාර්ලිමේන්තුවේ සටන ජනතාවගේ ඡන්දයකින් අවසන් කරන්න අපි ඇප කැප වෙනවා. එවිට විකෘති වෙච්ච පාර්ලිමේන්තුවට වඩා හොඳ පාර්ලිමේන්තුවක් පත් කරගන්න පුළුවන්.
අගමැති පත් කළ එක වැරැදි නම් උසාවි යන්න තිබුණා. දුන්න පොරොන්දු ඉටු නොකළ නිසා යූ.එන්.පී. එක ඡන්දවලට බයයි. අද රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය බූරු පොළක් බවට පත්කරගෙන ඉන්නේ අගමැති වෙන්න නෙවෙයි. පක්ෂයේ නායකත්වය රැක ගන්නයි. වසර තුන හමාරක් පිරිත් නොකිව්වට අරලියගහ මැඳුරේ දැන් පාරේ පිරිත් කියනවා. සංඝරත්නය හැට නමක් හිරේ යැව්වා. අද පිරිත් කියනවා. අද එක්සත් ජාතික පක්ෂය කඩා වැටිලා. සජිත් ඕන කියනවා.
-Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More