වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා දෙකක් අද (30) පස්වරුවේ පැවැත්වීමට නියමිතය. ඒ, එක්සත් ජාතික පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතරය.
ඒ අනුව පළමු සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර පස්වරු 6 ටත්, එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයා රාතී‍්‍ර 7 ට මුණ ගැසීමටත් නියමිතය.
මෙම සාකච්ඡා වට දෙකම සිදුවන්නේ ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර ඊයේ පස්වරුවේ ඇතිකර ගත් එකඟතාවන්ට අනුව බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.
එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවක් බිහි කිරීමට සිය සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානය ඊයේ පස්වරුවේ නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළ අතර ඒ අනුව තම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 117කට වඩා වැඩි පිරිසක් සිටින බවයි එක්සත් ජාතික පෙරමුණ පවසයි.
පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කණ්ඩායමකට ආණ්ඩුවක් පිහිටුවීම සදහා අවස්ථාව ලබාදිය යුතු බව ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තු රැස්වීමට එක්වූ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂද ප‍්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...