දේශීය පුවත්

2017 අගෝස්තු 7 වැනි අගහරුවාදා (170 වන කාණ්ඩය, 05 වන කලාපය)

උපුටා ගැනීම –
”එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව කිසිම දෙයක් මා මෙහි සඳහන් කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂය මේකට අදාළ වන්නේ නැහැ. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන සියලු ක්‍රියාමාර්ගයන් වළක්වාලමින් රජය පෙරලා දැමීමේ අරමුණින් ඉතා සියුම් ලෙස සකස් කෙරුණු බිහිසුණු කුමන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බවට වැදගත් සාක්ෂි අප වෙත ලැබී තිබෙනවා.

ලැබුණු තොරතු අනුව පැහැදිලි වන්නේ එම කටයුතු ඉතා උපායශීලීව විවිධ අංශ ඔස්සේ ක්‍රියාවට නැංවෙමින් තිබෙන බවයි. කුමන්ත්‍රණයේ වැදගත් පාර්ශවකරුවකු වශයෙන් කටයුතු කරන්නේ අන් කවරකු නොවේ මුළු රට ම හොඳින් අසා ඇති ව්‍යාපාරිකයකු වන චාල්ස් ඥානකෝන් නැමැති අයයි.

දේශද්‍රෝහී බලවේග හා එක්ව දියත් කොට ඇති කුමන්ත්‍රණයේ ඔහුගේ කාර්යභාරය වී ඇත්තේ විශාල මුදල් ප්‍රමාණයක් අල්ලස් වශයෙන් ලබා දී ඉතාමත් තීරණාත්මක අවස්ථාවකදී රජයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම සඳහා මන්ත්‍රීවරුන් පෙළඹවීමයි. අප වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව ඔහු එලෙස රජයට එරෙහිව එන එක් මන්ත්‍රීවරයකුට ඇමරිකන් ඩොලර් මිලියනයක්, වෙනත් වචනවලින් කියනවා නම් රුපියල් මිලියන 110 ක පමණ විශාල මුදලක් ලබාදීමට හැකි බව පළකොට තිබෙනවා. (බාධා කිරීම්)”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More