දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන මොහොතක නව අගමැතිවරයකු ආණ්ඩුවක් පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දන්වා ඇත.

කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර අද(29) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මේ බව දැන්වූ බව ජනාධිපති කාර්යාලයේ සමීප ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය අධිකරණයෙන් විසඳුමක් දෙනතෙක් ලබන දෙසැම්බර් 10 වන දින දක්වා පාර්ලිමේන්තුව කල් දමන ලෙසයි.

ඉන් පසුව අධිකරණ නියෝගයෙන් පසු තත්වයන් ගැන සලකා බැලිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම මේ මොහොතේ නව අගමැතිවරයෙක් පත් කිරීම සඳහා අගමැති ධුරය පුරප්පාඩු වී නැති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

19 සංශෝධනයෙන් වූ පසු තමනට අගමැතිවරයා ඉවත් කිරීමට නොහැකි බවත් රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය අහෝසි වූයේ ජාතික ආණ්ඩුවෙන් සන්ධානයට ඉවත්වීමත් සමග කැබිනට් මණ්ඩලය අහෝසි වීම නිසා බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විධිමත් ලෙස අගමැතිවරයා ඉවත් කිරීමට විශ්වාස භංගයක් සම්මත කල හැකි බවත් ජනාධිපතිවරයා යලි අවධාරණය කර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් හෙට දිනයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More