හෙට(30) දිනයේ දී විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ජනාධිපතිවරයා එකඟ වු බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත් විය.
අදාළ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 04.00ට ආරම්භ වු අතර, එහිදී පාර්ලිමේන්තුවේ ඇතිවී ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.
රට තුළ උද්ගතව පවතින අවුල්සහගත දේශපාලන වාතාවරණය පිළිබඳව ජනාධිපතිවරයා සහ කථානායකතුමා හමු වී සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළඹීම යෝග්‍ය බවට අද පාර්ලිමේන්තුවේ දී පාර්ශව ගණනාවක් සහ පක්ෂ නායකවරු විසින් ද පලකරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් කථනායකවරයා මෙලෙස ජනාධිපතිවරයා හමුවු බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.
සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇති වෙමින් පවතින බවත්, විශේෂයෙන්ම රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිදවැටීම රටට තවදුරටත් දරා ගැනීමට අපහසු වන බැවින්, අවිනිශ්චිත තත්වයට ඉක්මන් විසඳුමක් ලබාදීම කල යුතු බව කථානායවරයා මෙහිදී පෙන්වා දී ඇත.
මෙහිදි කථානායකවරයා පෙන්වා දුන් කරුණු පිළිබඳව ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් පල වූ අතර, විසඳුමකට එළඹීමෙහිලා කථානායකවරයා ඉටු කරමින් සිටින කාර්ය භාරයද ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...