දේශීය පුවත්

ජනපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වන තෙක් ඔහු සමග සාකච්ඡා සඳහා එක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසා සිටියි.

ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

“කුමන්ත්‍රණකාරී අර්බුදයක් සාමාකාමී සාකච්ඡා මේසයක් තුළ විසඳා ගැනීමට අවස්ථාවක් නෑ. එය විසඳා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 17 වැනි සංශෝධනයටත් 19 වැනි සංශෝධනයටත් අපි සහාය දුන්නා. ව්‍යවස්ථාවට ජනපතිගේ සිට සෑම පුරවැසියෙක්ම යටත්.

ප්‍රශ්න විසඳීමට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ජනපතිවරයා කටයුතු කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුයි. ජනපතිවරයා හිතුවක්කාරී ලෙස කටයුතු කිරිම තමයි මේ අර්බුදයේ තිබෙන හරය. ජනපති සමග පැවැත්වෙන සාකච්ඡාවලට අපි යන්නේ නෑ. ජනපතිවරයා ව්‍යවස්ථාවට යටත් කළ යුතුයි. ඒක තමයි දිවුුරුම. මේ අරගලය ජනපතිවරයා ව්‍යවස්ථාවයට යටත් කිරීමයි. ඒක තමයි අරමුණ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More