“ වර්තමාන පාර්ලිමේන්තුව ගොඩනැගීමේදි නව රජයක් පත්කිරීමට මා දරූ ප්‍රයන්තයට ගෞරවයක් අැති කියල හිතනවා.
අපි එක්සත් ජාතික පක්ෂයත් සමග එකතුවෙලා විශාල කැපවීමක් කළා. පහුගිය ආණ්ඩුව කොළඹ නගරය කැසිනෝ නගරයක් කරන්න ගියාම මම විරුද්ධ වුණා. අදත් මම මගේ හෘද සාක්ෂිය රට වෙනුවෙන් කියනවා. මෙය ජනපතිට බැණ වැදීමෙන් විසඳගන්න බෑ. අපේ ව්‍යවස්ථාව ගෙනි යන්න ව්‍යවස්ථාදායක සභාව හා විධායකය තුළ එකඟතාවක් ඕන. ත්‍රස්තවාදය පරාජය කිරිමට අපි විශාල සහායක් දුන්නා.
දැන් මේ ව්‍යාකූලත්වය නිසා ප්‍රශ්ණ ගණනාවක් තිබෙනවා. සියලු දෙනාම සිංගප්පූරු ගිවිසුමට විරුද්ධ වුණා. මම අගමැතිතුමා හමුවී කිව්වා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදමු කිව්වා. පරිසර නීතිය අලුත් ලෝයකත් සමග සම්මත කළ යුතුව තිබුණා. විධායක ජනපති හැටියට බලය පාවිච්චි කළේ නෑ කියන චෝදනාව මමත් කරනවා. හම්බන්තොට වරාය අපට අහිමිවුණා. මේ තත්ත්වය වහාම අවසන් කළ යුතුව තිබෙනවා.
පළමුවෙන්ම කෙටි කාලයකට ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ආණ්ඩු බලය තියාගෙන යනවා වෙනුවනට දෙපාර්ශ්වයට බලය ලැබෙන ලෙස ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඉතාම ඉක්මනින් මැතිවරණයට ගොස් ජනමතය උරගා බැලිය යුතුයි.”
.ඉතාම ඉක්මනින් මැතිවරණයට ගොස් ජනමතය උරගා බැලිය යුතුයි.
ඉතාම ඉක්මනින් මැතිවරණයට ගොස් ජනමතය උරගා බැලිය යුතුයි – රතන හිමි විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේදී කියයි.
Gepostet von Lanka Lead News am Donnerstag, 29. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...