දේශීය පුවත්

අද දින රැස්වන පාර්ලිමේන්තුව නීති විරෝධී ව්‍යවස්ථාවට පටහැනිව පවත්වනු ලබන පාර්ලිමේන්තු රැස්වීමක් බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අද(29) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කථානායක කරූ ජයසූරිය මහතා විසින් තෝරගත් පක්ෂ නායකයින් කිහිප දෙනෙක් කැඳවා අද දින පැවැත් වූ පක්ෂ නායක රැස්වීම නීත්‍යානුකූල නොවන බවත් කථානායකවරයාට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්වූ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාටත් අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එම ව්‍යවස්ථා විරෝධී කටයුත්ත සඳහා ආණ්ඩු පක්ෂය ලෙස සහභාගී නොවන බව ඒ පිළිබඳ අදාළ පාර්ශව දැනුවත් කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍ර සැකසීම පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීම සම්පූර්ණයෙන් හිතුවක්කාර තත්ත්වයකට පරිවර්තනය වීම පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව තිබෙන ගෞරවය හා නීත්‍යානුකූල භාවය කඩා වැටෙන ක්‍රියාවලියක් ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More