දේශීය පුවත්

උසාවි නියෝගය ලබා දීමෙන් පසුව අතුරු සම්මත අය – වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට කටයුතු කරන බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

මේ බව අමාත්‍යවරයා සඳහන් කළේ ඊයේ (28දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
අපි සහභාගි නොවී හිස්ව තිබූ පාර්ලිමේන්තුවට බිමල් රත්නායක මන්ත්‍රිවරයා කතා කරලා තියෙනවා. ඔහු කියලා හිස් පාර්ලිමේන්තුවකට තමයි කතා කරන්න වුණේ කියලා. ඒ හිස් බව ඇති කළේ කරු ජයසූරිය. ඒ නිසා ඊට වගකිවයුත්තේ ඔහු. එදා රැස්වූයේ එජාපයේ කණ්ඩායම් රැස්වීමක්. විපක්ෂයම ප්‍රශ්න අහලා විපක්ෂය උත්තර දෙනවා.

කථානායක ආණ්ඩු පක්ෂය විදියට පෙනී ඉන්නවා. ඒ තමයි පාර්ලිමේන්තුවේ නවතම තත්ත්වය. ඒ වගේම හැන්සාඩ් වාර්තා ප්‍රකාශ කිරීම තහනම් ආණ්ඩුව විසුරුවපු දිනේ ඉඳලා. නමුත් තවමත් හැන්සාඩ් වාර්තා සකස් වෙනවා. ඒවා නීත්‍යනුකූල නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. අධිකරණය නියෝග කරලා තියෙනවා සියලුම පාර්ලිමේන්තු කටයුතු නැවැත්වීමට ඒක නිසා මේ සිදු කරන වැඩ නීත්‍යනුකූල නැහැ. දැන් මේ ප්‍රකාශයට පත් වන හැන්සාඩ් වලංගු නැහැ. ඒ කෙසේ වුවද නඩු තීන්දුවෙන් පසු එක් රැස්වන පාර්ලිමේන්තුවේදී ඒ කියන්නේ අපේ ආණ්ඩුව යටතේ අතුරු සම්මත අය – වැය ඉදිරිපත් කරනවා. ඊට සියලු මන්ත්‍රිවරු එකඟ වෙයි. මොකද කාටවත් එකඟ වෙන්න බැරි අය – වැය අපි හදන්නේ නැහැ. ඒ කෙසේ වුවත් අද රටේ ස්ථාවරභාවය පිළිබඳ ගැටලු නැහැ. සියල්ල හොඳට සිදු වෙනවා.

ජානක වක්කුඹුර මහතා
අපිට දැන් රට සංවර්ධනය කිරීමට අවශ්‍යයි. එහිදී රැකියා නැතිව ඉන්න උපාධිධාරීන්ට දේශපාලන භේදයෙන් තොරව රැකියා ලබා දීම ආරම්භ කරනවා. පාර්ලිමේන්තුවේ හෝ විපක්ෂයේ දේශපාලනඥයන් සිදු කරන කටයුතු ඊට අදාළ වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා රට ගැන හිතලා ගත්තු තීරණය නීත්‍යනුකූලයි. ඒ නිසා මේ මොහොතේ සිදු වන දේශපාලන ක්‍රියාකාරකම් තමයි නීත්‍යනුකූල නැත්තේ.

කනක හේරත් මහතා
29 වැනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. පෙර කැඳවූ ආකාරයටම නීති විරෝධී ලෙස කථානායකවරයා ඒ වගේම මුදල් පනතක් ඉදිරිපත් කරන්න යනවා කියලත් ආරංචියි. නමුත් කථානායකවරයා නීතිය ඉදිරියට ගෙනගියහම ඔප්පු වෙයි කවුද හරි වැරැදි කියලා. මේ සිදු කරන සියලුම පාර්ලිමේන්තු කැඳවීම් ඒකාධිපති ක්‍රමයට තමයි සිදු කරන්නේ. ඔක්තෝබර් 26ට පෙර එජාපය ගෙදර යවමු කියලා හඬ නඟපු ජවිපෙ අද එජාපයටම කඩේ යනවා.

නීත්‍යනුකූල නොවන ආකාරයට රැස්කරන පාර්ලිමේන්තුවට යනවාද නැද්ද කියලා තීරණය කරන්නේ 29දා.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
මැතිවරණ නොතැබීම නිසා මේ වන විට අපි නියෝජනය කරන පළාත් සභා 6ක වැඩකටයුතු ඇන හිටලා. මේ වන විට පළාත් සභා ආයතනවල වැඩ කරන සේවකයන්ට වැටුප් ගෙවීම සිදු කරන්නේද 13 වැනි ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට. අවුරුදු කීපයක් තිස්සේ මෙසේ පළාත් සභා ආයතනවල ගැටලුකාරී අවස්ථා පැනනැඟී තියෙනවා. තවමත් විසඳුම් ලැබිලා නෑ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More