පාර්ලිමේන්තුවේදී 2018 නොවැම්බර් 14 වැනිදා සම්මත වූ යෝජනාවේ පළමු වැනි ඡේදය ඉවත්කර නොවැම්බර් 16 වැනිදා ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්මත වූ හෙයින් ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගත යුතු ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත දන්වා සිටින යෝජනාවක් අද (29දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යයි.
එම යෝජනාව පෙරේදා (27දා) නිකුත්කර ඇති න්‍යාය පුස්තකයේ ඇතුළත් කර ඇත.
එජාප මන්ත්‍රිවරුන් 7 දෙනකුගේ අස්සනින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
න්‍යාය පුස්තකයේ සඳහන් එම යෝජනාව මෙසේය.
2018 ඔක්තෝබර් 26 වැනිදා දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි ගරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ හෙයින්ද,
2018 නොවැම්බර් 14 වැනි දින සම්මත වූ යෝජනාවේ පළමුවැනි ඡේදය ඉවත්කර 2018 නොවැම්බර් 16 වැනි දින ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදී එම යෝජනාව සම්මත වූ හෙයින්ද,
ඒ අනුව 2018 නොවැම්බර් 14 වැනි දින සම්මතවූ යෝජනාවේ පළමුවැනි ඡේදය ඉවත් කර ඇති හෙයින්ද,
2018 නොවැම්බර් 16 වැනි දින සම්මත වූ යෝජනාව හරයාත්මකව ගරු මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් වන හෙයින්ද,
සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලය විසිරී ඇති හෙයින්ද,
ඊට අනුකූලව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48(2) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ගතයුතු ඉදිරි පියවර ගන්නා ලෙස මෙම පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට යෝජනා කර සිටී.
විජේපාල හෙට්ටිආරච්චි, හර්ෂණ රාජකරුණා, මයන්ත දිසානායක, මුජිබර් රහුමාන්, අජිත් මාන්නප්පෙරුම, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රිවරු මෙම යෝජනාවට අස්සන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...