දේශීය පුවත්

පාර්ලිමේන්තු රැස්වීමට අද (29) දිනයේ සහභාගීවන්නේ ද යන්න පිළිබඳව අද පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩයම් රැස්වීමේ දී තීරණය කෙරෙනු ඇති බව සම කබිනට් ප්‍රකාශක, අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඊයේ (28) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්සයේ මන්ත්‍රීවරුන් කීපදෙනෙකු විසින් පර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂ කපා හැරීමේ යෝජනාව ව්‍යවස්ථාවට පටහනි එකක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා මේ බවද පැවසීය.

“19 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට බලය තිබෙනවා, අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට සහ අමාත්‍ය මණ්ඩලය පත් කරන්නට. බොහොම පැහැදිළිව කියනවා, නීත්‍යණුකූල අමාත්‍ය මණ්ඩලය කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ බලතල කපලා රූකඩයක් කරන්න උත්සහ කළේ. එජාප පාක්ෂිකයන් දැනගෙනහිටියේ නෑ මේ විනාශය. හිටපු අගමැතිතුමා ව්‍යවස්ථාව සමඟ සෙල්ලම් කරන බව අපි දන්නවා.

මෙයි සිදු වුණේ රට අරාජික තත්ත්වයට පත්වීම. ජනාධිපතිවරයාගේ පත් කිරීම වැරදි නම් අධිකරණයට යන්න, නිවැරැදිව විශ්වාසභංගය ගෙන්න කියන එකයි අප කියන්නේ. කතානායකවරයා වැඩ කරන්නේ එජාප පිරිසගේ හඬ අනුවයි. අපි කතානායකවරයා පිළිගන්නේ නෑ යැයි පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More