නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් නොපවත්වන බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවැසීය.
ජනාධිපතිවරණයකට තවත් මාස 13ක් පවතින බැවින් ජනාධිපතිවරයාට සම්පූර්ණ ධුර කාලයේ කටයුතු කිරීමට අවස්ථාව දිය යුතු බව හෙතෙම කීය.
රටේ දැනට මතුවී තිබෙන ගැටලුවට විසඳුම ජනාධිපතිවරණයක් නොව පවතින ආණ්ඩුව කොපමණ කාලයක් පවත්වා ගන්නවාද යන ගැටලුවය.
මේ නිසා උසාවි නියෝගයෙන් පසු කුමක් කරන්නේද යන්න සිතා බැලිය යුතු යැයිද ඒ මහතා කීවේය.
එමෙන්ම මේ මොහොතේ ජනාධිපතිවරයාගේ තනතුර අභියෝගයට ලක්වී නොමැති අතර ගැටලුව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳව යැයි හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට යන දෙපාර්ශ්වයටම බහුතරය පිළිබඳ ගැටලුවක් පවතින බැවින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය බවද ඒ මහතා පැවැසීය.
එහෙත් මේ වන විට උසාවිය තීන්දුවක් දෙන තුරු තීරණයක් ගත නොහැකි බවද මහින්ද සමරසිංහ මහතා කීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (28) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...