දේශීය පුවත්

රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු නාවික හමුදාපති වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණීය මහතා පවසයි.

මෙම සැකකරුට ආරක්ෂාව සලසන ලෙසට අධිකරණයෙන් ලබාදුන් උපදෙස් මත සහ සැකකරුගේ ජීවිතය පිළිබද පවතින ආරක්ෂක හේතුන් මත මෙම පියවර ගනු ලැබූ බව ද උපුල්දෙණීය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකාර ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද සවස හයට පමණ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ සිට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත බන්ධනාගාර බස් රථයෙන් රැගෙන ගිය අතර, පසුව රාත්‍රී අටට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත ඇතුළත් කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.
—————————————————-

අත්අඩංගුවට ගත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රිමාන්ඩ්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දෙසැම්බර් මස 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) ලබා දුන් නියෝගයකට අනුවයි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද උදැසන කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ ඔහු අධිකරණ භාරයට ගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More