දෙස් විදෙස් සතුරු බලවේග ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේ රට ලේ විලක් බවට පත් කිරීමට කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් එම කුමන්ත්‍රණය පැරදවීම සදහා මේ රටේ කාන්තාවන් ලෙස තමන් තම ඡන්ද අයිතිය ඉල්ලා සිටින බවත් ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය පවසයි.
අද (28) කොටුව දුම්රියපොළ ඉදිරිපිට ‘බුලට් එක නිතර කරන්න බැලට් එකට ඉඩ දෙන්න’ යන තේමාව යටතේ පැවැති මහජන පෙත්සමට අත්සන් තැබීමෙන් අනතුරුව එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය එසේ පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියංගා කොතලාවල මහත්මිය මෙසේද පැවසුවාය.
“අපි මේ රටේ මව්වරුන් විදියට මේ පෙත්සමට අත්සන් තබලා ඉල්ලා සිටින්නේ අපේ ඡන්ද අයිතියයි. අද මේ රටට සතුරු දෙස් – විදෙස් බලවේග මේ රට විනාශකාරී මාවතකට ඇදගෙන යන්න හදනවා. ජනතාව එකිනෙකා ගහමරා ගන්නා තත්වයක් ඇති කරලා මේ රට ලේ විලක් කරන්නයි ඔවුන්ගේ සූදානම. මේ කුමන්ත්‍රණය නතර කරන්න පුළුවන් වෙන්නේ පවතින විකෘති පාර්ලිමේන්තුව වෙනුවට ප්‍රකෘතිමත් පාර්ලිමේන්තුවක් හදාගත්තොත් පමණයි. ඒකට අපට අපේ ඡන්ද අයිතිය උවමනායි.
ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය අවභාවිතා කරමින් මේ රට ලේ විලක් වෙන්න දෙන්න බැහැ. මේ රටේ දූ පුතුන් ඉතිහාසය පුරා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇති තරම් ලේ හලා තිබෙනවා. මේ රටේ මව්වරුන් ඉතිහාසය පුරා ඇති තරම් කදුළු සලා තිබෙනවා. ඒ නිසා මේ කුමන්ත්‍රණය පරදවන්න අපට අපේ ඡන්ද බලය දෙන්න. මේ පෙත්සම අපි මේ රටට ආදරය කරන මව්වරුන්ගේ ඉල්ලීමක් විදියට අධිකරණයට භාර දෙනවා.”
මෙම අවස්ථාවේදී බොහෝ උනන්දුවෙන් කාන්තා පිරිස් දිගු පෝලීම් ගැසී සෙත්සමට අත්සන් කරන අයුරු දක ගත හැකි විය.
‘බුලට් එක නතර කරන්න බැලට් එකට ඉඩ දෙන්න’ කියා මව්වරු ඡන‍්ද අයිතිය ඉල්ලති
‘බුලට් එක නතර කරන්න බැලට් එකට ඉඩ දෙන්න’ කියා මව්වරු ඡන‍්ද අයිතිය ඉල්ලති
Gepostet von Lanka Lead News am Mittwoch, 28. November 2018






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...