දේශීය පුවත්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ යම් යම් ක්‍රියමාර්ග සම්බන්ධව ආරක්ෂක ලේකම්වරයා විසින් ඔහුට තරයේ අවවාද කරන ලද බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව දැනට සිදුකෙරෙන ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගැනීමට සිදුවුවහොත් පූජිත් ජයසුන්දර මහතාට පොලිස්පති ධුරය අනිවාර්යයෙන්ම අහිමි වන බවද සමරසිංහ මහතා සඳහන් කරයි.

සමරසිංහ මහතා මෙසේ පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඩාලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

‘ජනාධිපතිතුමා විදේශ මාධ්‍යවේදීන් මුණගැසී පසුගිය සමයේ සිදුවූ දේ පිළිබඳවත් වත්මන් තත්ත්වය පිළිබඳවත් පැහැදිලි කිරීමක් කළා. කබීර් හෂීම්, සාගල රත්නායක ආදී එජාප මන්ත්‍රිවරුන් ජනාධිපතිතුමාගේ කතාවේ යම් යම් කොටස් පමණක් උපුටා දක්වමින් මාධ්‍ය ඔස්සේ වැරැදි මත පතුරුවා හරිමින් සිටිනවා. මහ බැංකුව තිබෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේයි. සම්ප්‍රදාය එයයි.

නමුත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහ බැංකුව ඔහුගේ යටතට ගත්තා. සිය මිතුරු අර්ජුන මහේන්ද්‍රන්ව මහ බැංකු අධිපති ධුරයට පත් කරවා ගත්තා. ඉන්පසුව සිදුකරන ලද මහ බැංකු බැඳුම්කර වංචාව අපේ රටේ සිදුවූ ලොකුම සොරකමක්. හිල්ටන් ගනුදෙනුවට වගකිව යුත්තේ හිටපු මුදල් ඇමැති මංගල සමරවීරයි. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් වසර තුන හමාරක කාලය ඇතුළත සිදු කළ මහ පරිමාණ මූල්‍ය වංචාවන්, අක්‍රමිකතාවන්, හොර ගිවිසුම් නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. රටටත් ලොකු කළු පැල්ලමක් එකතු වුණා.’

maubima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More