පළාත් පාලන මැතිවරණයට පෙර කිසිවකු නොසිතන අයුරින් රට තුළ දැවැන්ත දේශපාලන පෙරළියක් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.
දැනටමත් මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට සම්බන්ධ ඉදිරි පෙළ අංශ සමඟ ශ්‍රීලනිපය අභ්‍යන්තර සාකච්ඡා පවත්වමින් සිටින බවත්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ගණනාවක්ද තම පක්ෂය සමඟ ආරම්භ කර ඇති සාකච්ඡා සාර්ථක වී ඇති බවත් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
හෙට (28දා) සිට ලබන පෙබරවාරි මස 10 වැනිදා දක්වා කාල පරාසය තුළ විටින් විට මෙම දේශපාලන පෙරළියේ ආරම්භයන් දැකිය හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයට පෙර මෙම සියලුම පාර්ශ්වයන්ගේ එකඟතාවයෙන් රට තුළ නව දේශපාලන සංස්කෘතියක් සඳහා වන අඩිතාලම දමන බවද අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (26දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා මේ බව අනාවරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...