දේශීය පුවත්

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව අද (28දා) ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා උපරිම දායකත්වය ලබා දෙන බවයි.

ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ තමන්ට ආණ්ඩුව සමග මින් ඉදිරියට කිසිදු ගනුදෙනුවක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ආණ්ඩුව සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරුන් හතර දෙනෙක් ඒකාබද්ධ විපක්ෂය සමග මේ වනවිට එක්ව සිටිති.

අරුන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න, දුලිප් විජේසේකර, නිමල් ලන්සා යන මහත්වරු මීට පෙර යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති ධුර දැරූහ.

හෙට විශේෂ හෙළිදරව්වක් කරමින් නිමල් ලාන්සා ඒකාබද්ධයට

හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නිමල් ලාන්සා මහතා හෙට (28) ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට සූදානමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව එදින ජනමාධ්‍ය හමුවක් පවත්වා ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට ගත් තීරණය පිළිබඳව පැහැදිලි කිරීමටද ඔහු සූදානම් බව වාර්තාවේ.

මේ අතර පසුගිය 23 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතාගේ මිනුවන්ගොඩ උඩුගම්පොළ පිහිටි කාර්යාලයේදී පැවැති රැස්වීමකටද නිමල් ලාන්සා මහතා සහභාගි වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More