අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීති රීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.
ඒ උදෙසා සිදු කෙරෙන නීතිමය සංශෝධන කඩිනමි කරමින් අවශ්‍ය බලතල කඩිනමින් අදාළ නිලධාරින්ට පවරාදීමේ අවශ්‍යතාවය ද ජනාධිපති අවධාරණය කර ඇත.
මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබඳ පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළ ව අද (27දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම උපදෙස් දී තිබේ.
මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ව පවතින නීතිමය ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ ව පොලීසිය, ති‍්‍රවිධ හමුදාවේ සහය ඇතිව කි‍්‍රයාත්මක කර ඇති විශේෂ වැඩපිළිවෙළට අදාළ නීති සම්පාදන කටයුතුවල ප‍්‍රගතිය විමසු ජනාධිපතිවරයා ඉදිරි සති දෙකක කාලය තුළ එම කටයුතු අවසන් කිරීමට නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දුන්නේ ය.
නීතිවිරෝධි මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව පොලිස් නිලධාරින් විසින් සැකකරුවන්ට නඩු පැවරීමේ දී පවතින නීතිමය බාධාවන් ඉවත් කර ගැනීමේ කටයුතුවලට අදාළ ප‍්‍රගතිය ද විමසූ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වාර්තාව ඉදිරි සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ දඩ මුදල් සංශෝධනය පිළිබඳව ද සාකච්ඡාවටට ලක් කෙරිණි.
අපරාධ සහ පාතාලය මැඩ පැවැත්වීමට ගෙන යන වැඩපිළිවෙළ සහ එහි නීතිමය සංශෝධන පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, බන්ධනාගාර ක්ෂේත‍්‍රයේ සිදුකළයුතු වෙනස්කම් පිළිබඳවද අවධානය යොමු කෙරිණි.
අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ. සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, නීතිපති ජයන්ත ජයසූරිය, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...