දේශීය පුවත්

රටේ තුන්වැනි පුරවැසියා වන කථානායකතුමා කූට ලේඛනයක් සකස් කළ බවට සාක්ෂි සහිතව ඉදිරිපත් කළ හැකි බවත්, ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වූවාද නැද්ද යන්න පාර්ලිමේන්තුව විසින්ම කළ සජීවී විකාශනයෙන් සොයා ගත හැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ (26දා) පිවිතුරු හෙළ උරුම ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

ගම්මන්පිල මහතා මෙසේද කීවේය.

ඒ වීඩියෝවේ කථානායකවරයා කියන්නේ, මේ ඡන්දය හඬ අනුව ගන්නවා. ඒ අනුව දැනට පත් කර ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඊඩඥපඥ ඪඵ දධ ර්චණධපඪබර ටධප බඩචබ කියලා. විශ්වාසභංග යෝජනාව සම්මත වුණු බව කථානායක ප්‍රකාශ නොකළ බව මම රාත්‍රි රූපවාහිනි ප්‍රවෘත්ති බලන විට දැක්කා. ආණ්ඩුවට බහුතරය නැත්නම් ඒක සුළුතර ආණ්ඩුවක් බවට පත්වෙලා නැවත ගෙන යනවා මිසක් ආණ්ඩුවක් අවසන් වෙන්නේ නෑ. ආණ්ඩුව විසිර යන්නේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණොත් පමණයි. පසුවදා මම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අංශයට ගිහින් 14දා හැන්සාඩ් එකේ අසංශෝධිත පිටපතක් ලබා ගත්තා. පාර්ලිමේන්තුවේ සිදුවුණු දේ ඒ අයුරින්ම එහි සඳහන් වනවා. නමුත් පසුගිය 23දා නිකුත් කළ හැන්සාඩ් නිල පිටපතේ ඊඩඥපඥ ඪඵ දධ ථචණධපඪබර ටධප බඩචබ ටධප බඩඥථ ලෙස වෙනස් කරලා යෝජනාව සම්මත විය යන අර්ථය දෙන ‘ඊඩඥ ථධබඪධද ඪඵ ජචපපඪඥඤ’ යන වගන්තිය අලුතින් එකතු කරලා.

මම කරුණාරත්න ජයසූරිය මහත්මයාට අකැමැති නිසා මට කර්ණාබාධා කියමුකෝ. ඒත් කථානායක එහෙම වාක්‍යයක් කියනවා තමුන්නාන්සේලාට ඇහුණාද? අපි ඔක්කොටම කන් ඇහෙන්නේ නැද්ද? කථානායක කියන දේ එජාප පාක්ෂිකයන්ට විතරක් ඇහෙන දෙයක්ද? එහෙම නම් කථානායකවරයා එජාපයට වාසියක් කිරීමේ අරමුණෙන් සිදු නොවුණු දෙයක් සිදු වු බවට හැන්සාඩ් වාර්තාවට ඔබලා කූට ලේඛනයක් හදලා තිබෙන්නේ.
දණ්ඩ නීති සංග්‍රහය අනුව කූට ලේඛන සෑදීම කියන්නේ වසර තුනක් දක්වා සිර දඬුවම් ලබාදිය හැකි බරපතළ වරදක්. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ආණ්ඩුවක් ගෙදර යවනවද නැද්ද කියලා තීරණය කිරීම සඳහා තුන්වැනි පුරවැසියා උත්සාහ කළා කියලා දැක්වූ විට බරපතළභාවය හරිම වැඩියි. ඒ වගේම අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ යම් පාර්ශ්වයකට අයුතු වාසියක් ලැබෙන අයුරින් තම තනතුර භාවිත කිරීම වසර දහයක් දක්වා දඬුවම් ලැබිය හැකි වරදක්. කරුණාරත්න ජයසූරිය මැතිතුමනි කුම්බලාවෝ කෑවා නම් විඳවාපන් බළලෝ කිව්වලු.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවේ තීන්දුව දෙසැම්බර් 7දා ලැබෙන බවට බොහෝ දෙනා පවසනවා. නමුත් 7දාට තීන්දුවක් ලබා දෙන්න උසාවිය තීරණය කරලා නෑ. මේ නඩුව විභාග කරන්නේ දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවල. ඒ නිසා 7දා දක්වා තහනම් නියෝගයක් ලබා දුන්නා. 6දා සවස තමයි නඩු තීන්දුව ලබා දෙන දිනය ප්‍රකාශ කරන්නේ. දවස් තුනක් විභාග කරපු නඩුවේ තීන්දුව පසුවදාට ලබාදීම අමාරුයි. ඒ නිසා 7දා වෙන්නත් පුළුවන්. නැතිනම් 7දා වෙනුවට සති අන්තයත් නඩු තීන්දුව ලියන්න පාවිච්චි කරලා දෙසැම්බර් 10දා නඩු තීන්දුව ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඊටත් වඩා කල් යන්නත් පුළුවන්. කොහොම නමුත් 7 වැනිදා නඩු තීන්දුව ලබා දෙන බවට උසාවිය තාම ප්‍රකාශ කරලා නෑ.

විපක්ෂයේ මන්ත්‍රිවරුන් එකතු වෙලා පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයේ කෝ වොරොන්ටො නියෝගයක් ඉල්ලා පෙත්සමක් ගොනු කළා. කෝ වොරොන්ටො කියන ලතින් යෙදුමේ තේරුම වන්නේ ‘බලපත්‍රය කෝ’ යන්නයි. නිලධාරියකු ලෙස කටයුතු කරන පුද්ගලයකුගෙන් ඔහුට ඒ නිලය දැරීමට ලැබුණු බලය පෙන්වන ලෙස අධිකරණය කරන නියෝගය තමයි කෝ වොරොන්ටො කියන්නේ. තමන්ට නිසි බලයක් තිබෙන බව ඔප්පු කරන්න අසමත් වුණොත් ඔහුට ඒ නිලය දරන්න අයිතියක් නොමැති බවට අධිකරණය ප්‍රකාශ කරනවා.

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණා කියන පදනමෙන් තමයි මේ කෝ වොරොන්ටො පෙත්සම ගොනු කර තිබෙන්නේ. ඒ සඳහා සාක්ෂිය ලෙස ඉදිරිපත් කරන්නේ කූට ලේඛනයක් වන හැන්සාඩ් වාර්තාවක්. අනෙක් පැත්තෙන් ශේ්‍රෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් පිළිබඳ තීන්දුව දෙන තෙක් මේ නඩුව විභාග කරන්න බෑ. ජනාධිපති විසින් නොවැම්බර් 9 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූලයි කියා ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දු කළොත් නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව කැඳවීම බල ශූන්‍ය වෙනවා. පාර්ලිමේන්තුව කැඳවීම බල ශූන්‍ය නම් ඔය ඊනියා විශ්වාසභංග යෝජනාවත් බල ශූන්‍ය වෙනවා. ඒ නිසා ශේ‍ර්ෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු කෝ වොරොන්ටො නඩුව විභාග කරන්න බෑ. අජිත් පෙරේරා මන්ත්‍රිතුමා නීතිය පිළිබඳ තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කරන්න ගොස් තමන්ගේ නොදන්නාකම ප්‍රදර්ශනය කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More