Uncategorized

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි භාරගන්නා ලදි.

සුජාතා කුරේ මහත්මිය ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරිනියකි.

කොළඹ විශ්ව විද්‍යාලයේ දර්ශන සහ ශාස්ත්‍රවේදි උපාධිධාරිනියක වන ඇය නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයෙන් :ෂී*සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගෙන ඇත.
වසර තිහකට අධික සිය රාජ්‍ය සේවා පරිචය තුළ සුජාතා කුරේ මහත්මිය වරාය සහ මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ අතර, මුදල් අමාත්‍යංශ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් සහ විදේශ සම්පත් දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වශයෙන් ඉහළ තනතුරු හෙබවිය.

මීට අමතරව ඇය රාජ්‍ය සහ පුද්ගලික බැංකු කිහිපයක, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ, රක්ෂණ මණ්ඩලයේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙසද කටයුතු කර ඇත.

සුජාතා කුරේ මහත්මිය ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජ කොමිසමේ වාර්ෂික සැසි සහ ජාත්‍යන්තර සමුඵ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී ඇත.

මේ වන විට ඇය ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ සාමාජිකාවක් ලෙසද කටයුතු කරයි.

– මහජන බැංකුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More