එක්සත් ජාතික පක්ෂයට බලය හිමි මහනුවර කඩවත්සතර හා ගඟවට කෝරළය ප‍්‍රාදේශීය සභාවේ ලබන වසරට අදාළ අයවැය ඊයේ (27) වැඩි ඡන්ද 02කින් පරාජයට පත්වුණි.
එය ප‍්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ මංගල අයවැයයි. එහිදී 11 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ අතර පක්ෂව ඡන්දය ලබාදුන්නේ නව දෙනෙකු පමණි.
ප‍්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයින් 21 දෙනෙකු සිටින අතර ඉන් 09 දෙනෙකු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි මන්ත‍්‍රී ධුර සංඛ්‍යාව ද 09කි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත‍්‍රී ධුර 02ක් සහ ජනතා විමුක්ති පෙරමුණට එක් මන්ත‍්‍රී ධුරයක් හිමි ප‍්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වූ නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...