දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති අතුරු තහනම් නියෝගයට මුවා වී අධිකරණ ක්‍රියාවලියද අභියෝගයට ලක් කරමින් කටයුතු කරන කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව ගත හැකි නීතිමය පියවරයන් පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බව අධිකරණ හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේය.

අතුරු තහනම් නියෝගයක් යනු මුල් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමක් නොවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා අධිකරණ නියෝග පවා අභියෝගයට ලක්කරමින් කථානායකවරයා කටයුතු කිරීම පිළිබඳව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ මේ දිනවල අවධානය යොමු කරමින් සිටින බවද කීවේය.

පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර එය වැඩි ඡන්දයෙන් ස්ථීර වූ බවට එ.ජා.ප.ය. ගෙන යන ප්‍රචාරයද සාවද්‍ය බවද අමාත්‍යවරයා කීවේය. මේ සියලු කරුණු පිළිබඳව ඉදිරි දින කීපයේදී රටටම සත්‍ය හෙළිදරව් කරන බවද අමාත්‍යවරයා කීවේය. අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේ කොළඹදී ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ අතර නීතිය යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ජම්පරය ඇඳීමට සිදුවුවහොත් එය ඇඳීමට සුදානම් යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(27) පැවැසීය.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව කූඨ ලෙස සකසා ඇති බවට උදය ගම්මමන්පිල මහතා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් උපුටා දක්වමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර්කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් කතානායකවරයා එම අදහස් පළ කළේය.

තමාගේ මුළු ජීවිත කාලය තුළදී කුඨ ලේඛන සාදා නොමැති බව පැවැසූ කතානායකවරයා එවැනි චෝදනාවක් තිබේ නම් ඒ ඕනෑම පරීක්ෂණයකට සූදානම් බවද කීය.

කතානායක ධූරයට සුදුසු නැතිනම් විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් තමා ඉවත් කරන ලෙසද ඉල්ලා සිටි කතානායකවරයා එය පිළිගැනීමට සූදානම් බවද කීය.

'

පාර්ලිමේන්තුව කැදවීම; කථානායකට එරෙහිව නීතිමය පියවර ගන්නවා – සුසිල්…ජම්පරය අදින්න සූදානම් – කරූ

Gepostet von Lanka Lead News am Dienstag, 27. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More