පුරවැසි කොලම

ගිණි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බය වෙනවා කියා පැරණි කතාවක් ඇත. එය අපට වර්තමනයේ 30 වසරක් පැවති යුද්ධයට සම්බන්ධ කළ හැකිය. ඒ තරමට අප යුද්ධයේ ආදීනවය සක්සුදක් සේ අවබෝධ කර ගතිමු.ඒ රුදුරු කොටි සංවිධානය මේ රටට කළ විනාශය කියන්නට මදිය. නැවත එවැනි තත්වයක අද්දැකීමක් තියා සෙවනැල්ලක්වත් නොවැටේවා කියා රටට හිතැත්තන්ගේ පරම අධිෂ්ඨානයයි.

LTTE සංවිධානයේ සන්නද්ධ අංශයක් මෙන්ම දේශපාලන අංශයක් ද පවතී.සන්නද්ධ අංශය යුධමය පරාජයකට ලක් කළ ද දේශපාලනික අංශය පෙරපත් වඩා ශක්තිමත් වී ඇත. ඉතිහාසය පිරික්ෂීමේදී යූඑන්පී ආණ්ඩුව යටතේ LTTE ඉහත දෙයංශයෙන්ම පෝෂණය වූ බව කාට වුවද පෙනේ. පසුගිය වසර 3 තුළ අප අත් දුටුවෙමු.

එම තත්වය නැති වූ බවට හොදම සාක්ෂිය වන්නේ මහවිරු දින සමරන්න ගිය සිවාජිලිංගම්ට වූ සිදුවීමයි.

මෙවැනි තත්වයක් මත පසුගිය දිනක රනිල් ඇතුළු විපක්ෂයෙන් අලුත් කතාවක් කරලියට ගෙනවිත් ඇත. එනම් ඊලග මැතිවරණයකට UNP, TNA හා JVP දියමන්ති ලකුණින් සන්ධාන ගත වන බවයි.

මෙම සන්ධානය දෙස බැලූ බැල්මට ඉතා භයනක අනාගතයක සේයාවක් දිස්වේ.
මෙහි UNP හා jvp එක් වීම එතරම්ම භයානක නොමැති වුවත් එයට TNA එකතුවීම තුල මෙහි භයානක කම රට පැත්තේ සිට බලන ඕනෑම අයෙකුට අවබෝධ කරගැනීම අපහසු නැත.

දේශපාලන පක්ෂ අතර සන්ධාන ගත වීම මහා සංඝරත්නය ලෙස වාදයක් නැති මුත් රටේ භයානක ඉරණමකට එය තුඩු දෙන්නේ නම් ඒ වෙනුවෙන් හඩ නැගීම යුක්ති යුත්තය. ඕනෑම සන්ධානය සන්ධාන වූ ඒ ඒ කණ්ඩායම්වලට මැතිවරණයන් සදහා කෝටා එකක් හෙවත් යම් නිශ්චිත නාමයෝජනා ගණනක් හිමිවේ. එය බොහෝ විට හැම පළාතකටම හෝ දිසාවකටම හිමිවේ.

මේ ආකාරයෙන් නාමයෝජනා හිමිවීම මත දෙමල ජනතාවගේ ඡන්ද මතින් ජය ගැනීමට හැකි වේ. රිසාඩ් බදුර්දීන්ගේ පක්ෂය වන්නි දිස්තීක්කයට සමා වුවත් දැන් අගනගරය ඇතුළු තැන් තැන්වල පළාත් පාළ න ආයතන නියෝජනය මෙයට කදිම නිදසුනකි. ඒ අනුව TNA එකටද දිනා ගැනීම කෙසේ වෙතත් මුට්ටිය දමා බැලීමට හැකි වීම වැලැක්විය නොහැකිය. උතුරු පළාතට පමණක් සීමා වූ TNA පක්ෂය මේවන විට නැගෙනහිර මෙන්ම උතුරු මැද දක්වා ද පැතිරී පවතී. ඇතැම් තැන්වලින් සිංහල ජාතිකයන් ද මුස්ලීම් ජාතිකයන් ද නියෝජිතයන් වීම මත රටේ අනිකුත් පළාත් තුලින් සිංහල ජාතිකයන්ම හෝ අනිකුත් ජාතිකයන් යොදා ජය ගැනීම නොකරයි කියා කිව නොහැකිය. ඒ තුලින් මුළු රටම ඔවුන්ගේ දේශපාලන අරමුණ කරා යොමු කරන බලවේගයන්වලින් වෙලා ගන්නා භූමරංගයන් නොවන්නේ දැයි සිතන්නට කාලය පැමිණ ඇත.

මේ සන්ධානය මත jvp හා unp සිට ගැනීම මතින් මෙම රට වනසන භූමරංගයට සුජාත භාවයක් එක් කරති.

තමන්ගේ බල ලෝභිත්වය නිසාවෙන් jvp හා unp බරපතල වරදක හාම්පුත්තු වීමට ආසන්නය. බිමේ සිටින පාක්ෂිකයාගේ සිතුවිලි එයම නොවුන ද එහෙත් එම පාක්ෂිකයාට එය එසේ වන්නට දී බලාගෙන සිටීමෙන් ඒ පාප කර්මයෙන් ගැලවෙන්නට නොහැකි බව අවධාරණය කළ යුතුය.

මම කොළ රතු නිල් ආදී පාට කණ්ණාඩිවලින් තොරව මේ භයානක භූමරංගය ආපිට හරවා යවා හෝ මේ රට ආරක්ෂා කළ යුත්තේ ඔවට නොව අනාගත පරපුර වෙනුවෙන් බව කරුණාවෙන් සිහිපත් කළ යුතුය.

තෙරුවන් සරණයි.

Ven. Dehipe Chandawimala Himi



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More