දේශීය පුවත්

පාර්ලිමේන්තුව ලබන 29 වනදා දක්වා කල් තබා තිබේ.

මීට සුළුවේලාවකට පෙර කථානායක කාර්යාලය විසින් මේ බව නිවේදනය කළේය.

අද(27) පස්වරු 1 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 29 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය.

කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයට නොපැමිණ සිටීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි මෙම තීරණය ගෙන ඇත්තේ.

එහිදි අදහස් දැක්වු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ කථානායක විසින් පාර්ලිමෙන්තුව තුල අනීතික පාලනයක් ගෙන යන බැවින් කථානායකවරයා සහභාගිවන පාර්ලිමේන්තු වාර සඳහා ආණ්ඩු පක්ෂය කිසිදු අවස්ථාවකදි සහභාගි නොවන බවයි.

මේ වන විට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් සිටින අතර ආණ්ඩු පක්ෂයේ කිසිඳු මන්ත්‍රීවරයෙකු සභා ගර්භයට පැමිණ නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More