ප‍්‍රධාන පුවත්

තේ අපනයනය සම්බන්ධයෙන් පනවා තිබෙන තහනම ඉවත් කිරීම සඳහා රුසියාව විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරනු ලැබ ඇති බව වැවිලි කර්මාන්ත පිළිබඳ අමාත්‍ය නවීන් දිසානායක පවසයි.

ශ්‍රී ලංකා රජය එම කොන්දේසි සඳහා එකඟත්වය පළ කර ඇති බැවින් අදාළ තහනම දෙසැම්බර් 30 වෙනිදායින් පසු ඉවත් කෙරෙනු ඇති බව ඇමතිවරයා කියා සිටියේය.

රුසියාව විසින් එවැනි තහනමක් පනවනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද තේ කුඩු තොගයක තිබී කෘමියෙකු හමුවීමත් සමගය.

රුසියානු බලධාරීන් සහ එහි ගොස් සිටින ශ්‍රී ලාංකික තාක්ෂණික කණ්ඩායම අතර සඳුදා (දෙසැ 25) සාකච්ඡාවක් පවත්වා ඇති බවත් තේ කුඩුවල ප්‍රමිතිය සහතික කිරීම සඳහා පියවර ගන්නා ලෙස එම බලධාරීන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවත් අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියේය.

“දුම් ගසා විෂබීජ නැසීම, ගබඩාවල පවිත්‍රතාව. ප්‍රමිතිය සම්බන්ධයෙන් අවශ්‍ය සහතික කිහිපයක් ගැනීම වැනි ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා ඒ අය කළ ඉල්ලීම්වලට අප එකඟ වී තිබෙනවා”

“රුසියානු නිලධාරීන් සහ දේශපාලනඥයන් සමග සාකච්ඡා කර ඉතා කෙටි කලක් ඇතුළත මේ තහනම සම්පුර්ණයෙන් ඉවත් කරගන්න අපගේ රජයට හැකි වුනා” යනුවෙන් ඇමතිවරයා පැවසීය.

මේ අතර ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට අදාළව 2018 වසරේ ජනවාරි 01 වෙනිදා සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීමට තිබූ සීමා ක්‍රියාවට නැංවීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය.

ස්බැස්ටෝස් තහනම අත්හිටුවීමත් ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා තාවකාලික තහනමක් පැනවීමත් අතර සම්බන්ධයක් ඇති බවට ඒ සමග වාර්තා පළ විය.

ලංකාවට ඇස්බැස්ටෝස් ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් අතරින් රුසියාවට ප්‍රධාන ස්ථානයක් හිමි වේ. එමෙන්ම ඩොලර් මිලියන 436 පමණ වන ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 25% ආසන්න ප්‍රමාණයක් රුසියාව වෙත අපනයනය කරනු ලබයි.

පසුගිය බදාදා (දෙසැ 20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය නවීන් දිසානායක ඒ පිළිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, ඇස්බැස්ටෝස් තහනම සහ තේ තහනම අතර සම්බන්ධයක් පවතින බවට තමන්ට ද නිල නොවන ආරංචි ලැබී ඇති බවය.

කෙසේ නමුත් ඒ පිළිබඳ ඇමතිවරයාගෙන් කළ විමසීමේ දී ඔහු කියා සිටියේ “කුඩා තේ වතු හිමියන් සහ එම කර්මාන්තය ජීවිකාව කරගත් ජනතාව පිළිබඳ සිතාබලා අදාළ ගැටලුව විසඳීමට රජය ප්‍රයෝගිකව ක්‍රියා කළ” බවය.

– BBC



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More