දේශීය පුවත්

යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුලු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුනු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කොට යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ඔවුන්ගේ අත්මයන්ට සෙත් පතා පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

මේ අතර අදාළ මහවිරු සැමරුම් නීතිවිරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ.

කෙසේ වෙතත් ඊයේ දින එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි පදේශයේදී අත්අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැරියේ කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදීය.

අද දිනයේදී යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කොට ඇති අතර එම සැමරුම් පවතින ස්ථාන වෙතට පොලිස් නිලධාරීන් යෙදවීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත්තේ යාපනය අධිකරණ තහනම් නියෝගයට අනුව කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමටය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More