දේශීය පුවත්

2019 වසරේ පළමු කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

ලබන වසරේ ජනවාරි 01 දා සිට මාර්තු 31 දා දක්වා මෙම අතුරු සම්මත ගිණුම ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරයි. මේ වන තෙක් රජය ගෙන යෑමට හෝ ණය ගෙවීමට රජයට ගැටලුවක් නොමැති බවත් මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

“අතුරු සම්මත ගිණුම අද මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එය 07 දා අධිකරණ තීන්දුවෙන් පස්සේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ අනුව බහුතරය බලාගන්න පුළුවන් වෙයි.” යැයි විමල් වීරවංශ මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More