විපක්ෂයේ මන්ත්‍රිවරුන් එකතු වී පසුගිය සිකුරාදා අභියාචනාධිකරණයේ කෝ වොරොන්ටො නියෝගයක් ඉල්ලා ගොණු කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු විභාග කිරීමේ හැකියාවක් නොමැති බව ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.
ඊයේ (26) පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සදහන් කර සිටියේ ‘‘ කෝ වොරොන්ටො කියන ලතින් යෙදුමේ තේරුම වන්නේ “බලපත්‍රය කෝ“ යන්නයි. නිලධාරියෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකුගෙන් ඔහුට ඒ නිලය දැරීමට ලැබුණු බලය පෙන්වන ලෙස අධිකරණය කරන නියෝගය තමයි කෝ වොරොන්ටො කියන්නේ. තමන්ට නිසි බලයක් තිබෙන බව ඔප්පු කරන්න අසමත් වුණොත් ඔහුට ඒ නිලය දරන්න අයිතියක් නොමැති බවට අධිකරණය ප්‍රකාශ කරනවා.‘‘
ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වුණා කියන පදනමෙන් තමයි මේ කෝ වොරොන්ටො පෙත්සම ගොනු කර තිබෙන්නේ. ඒ සඳහා සාක්ෂිය ලෙස ඉදිරිපත් කරන්නේ කූට ලේඛණයක් වන හැන්සාඩ් වාර්තාවක්. අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් පිළිබඳ තීන්දුව දෙන තෙක් මේ නඩුව විභාග කරන්න බෑ. ජනාධිපති විසින් නොවැම්බර් 9 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූලයි කියා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළොත් නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව කැඳවීම බල ශූන්‍ය වෙනවා. පාර්ලිමේන්තුව කැඳවීම බල ශූන්‍ය නම් ඔය ඊනියා විශ්වාස භංග යෝජනාවත් බල ශූන්‍ය වෙනවා. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙන තුරු කෝ වොරොන්ටො නඩුව විභාග කරන්න බෑ. අජිත් පෙරේරා මන්ත්‍රිතුමා නීතිය පිළිබඳ තමන්ගේ දැනුම ප්‍රදර්ශනය කරන්න ගොස් තමන්ගේ නොදන්නා කම ප්‍රදර්ශනය කර තිබෙනවා.
– අරවින්ද අතුකෝරල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...