පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එහිදී අද රැස්වන පාර්ලිමේන්තු සැසියේ න්‍යාය පත‍්‍රය සම්බන්ධයෙන් ද සාකච්ඡා කෙරෙනු ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීම පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයකයින් බොහෝ විට අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගි නොවනු ඇති බවය.
ආරවුල් සහගත කරුණු ඉදිරිපත් කරන්නේද, ආන්ඩු පක්ෂය පිළිගන්නේද ආදී කරුණු මත එය රැඳී පවතින බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ සාකච්ඡාවක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැත්වීමට නියමිතය.
බොහෝ විට එම සාකච්ඡාවේදී අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හා පාර්ලිමේන්තු සැසියට ආණ්ඩු පක්ෂ මන්ති‍්‍රවරු එක්වනවාද නැද්ද යන්න තීරණය කෙරෙනු ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...