කථානායක කරූ ජයසූරිය මහතා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කර ඇත්තේ නීති විරෝධි ආකාරයෙන් කූඨ ලේඛන සැකසීමෙන්බ බව ව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹ පිහිටි එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මේ බව පැවසීය.
අපි තමුන්නාන්සේලාට ලොකු හෙළිදරව්වක් කරන්න යන්නේ. රටේ තුන්වන පුද්ගලයා වන කතානායකතුමා කූට ලේඛනයක් සකස් කළ බවට තමුන්නාන්සේලා ඉදිරියේ සාක්ෂි සහිතව පෙන්නන්නයි අපි යන්නේ. නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වුණු බවට විපක්ෂය කියනවා. එහෙම වුණේ නෑ කියලා ආණ්ඩුව කියනවා. ඇත්ත නැත්ත සොයන්න පාර්ලිමේන්තුව විසින්ම කළ සජීවි විකාශනයේ වීඩියෝව අපි දැන් බලමු.
දැන් මේ වීඩියෝවේ කතානායක කියන්නේ මොකද්ද? “මේ ඡන්දය හඬ අනුව ගන්නවා. ඒ අනුව දැනට පත් කර ඇති ආණ්ඩුවට බහුතරයක් නොමැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. There is no majority for that“. විශ්වාස භංග යෝජනාව සම්මත වුණු බව කතානායක ප්‍රකාශ නොකළ බව මම රාත්‍රි රූපවාහිනි ප්‍රවෘත්ති බලන විට දැක්කා. ආණ්ඩුවට බහුතරය නැත්නම් ඒක සුළුතර ආණ්ඩුවක් බවට පත්වෙලා නැවත ගෙන යනවා මිසක් ආණ්ඩුවක් අවසන් වෙන්නේ නෑ. ආණ්ඩුව විසිර යන්නේ විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණොත් පමණයි. පසුව දා මම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් අංශයට ගිහින් 14 දා හැන්සාඩ් එකේ අසංශෝධිත පිටපතක් ලබා ගත්තා. මේ තිබෙන්නේ ඒ පිටපත. පාර්ලිමේන්තුවේ සිදු වුණු දේ ඒ අයුරින්ම මෙහි සඳහන් වෙනවා. නමුත් පසුගිය 23 දා නිකුත් කළ හැන්සාඩ් නිල පිටපත මොකද කියන්නේ. There is no majority for that, for them ලෙස වෙනස් කරලා, යෝජනාව සම්මත විය යන අර්ථය දෙන “the motion is carried“ යන වගන්තිය අළුතින් එකතු කරලා.
මම කරුණාරත්න ජයසූරිය මයාට අකැමැති නිසා මට අවාසියා කර්ණාබාධා කියමුකෝ. ඒත් කතානායක එහෙම වාක්‍යයක් කියනවා තමුන්නාන්සේලාට ඇහුණා ද? අපි ඔක්කොටම කන් ඇහෙන්නේ නැද්ද? කතානායක කියන දේ සීතම්බර සළුව වගේ එජාප පාක්ෂිකයින්ට විතරක් ඇහෙන දෙයක් ද? එහෙම නම් කතානායකවරයා එජාපයට වාසියක් කිරීමේ අරමුණෙන් සිදු නොවුණු දෙයක් සිදු වුණු බවට හැන්සාඩ් වාර්තාවට ඔබලා කූට ලේඛණයක් හදලා තිබෙන්නේ.
දණ්ඩ නීති සංග්‍රහය අනුව කූට ලේඛණ සෑදීම කියන්නේ වසර තුනක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බරපතල වරදක්ඒ විතරක් නෙවෙයි අපේ රටේ ආණ්ඩුවක් ගෙදර යවන නැද්ද කියලා තීරණය කිරීම සඳහා තුන්වන පුරවැසියා හැදුවම බරපතළ භාවය හරිම වැඩියි. ඒ වගේම අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ යම් පාර්ශවයකට අයුතු වාසියක් ලැබෙන අයුරින් තම තනතුර භාවිතා කිරීම වසර දහයක් දක්වා දඬුවම් ලැබිය හැකි වරදක්. කරුණාරත්න ජයසූරිය මැතිතුමනි කුම්බලාවෝ කෑවා නම් විදවාපන් බළලෝ කිව්වලු. මේ පිළිබඳ හෙට දිනයේ අපි වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.
– අරවින්ද අතුකෝරල
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...