දේශීය පුවත්

කොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර අද (26දා) රාත්‍රී 9.15 ට සිදුවූ වෙඩි හුවමාරුවකදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් වෙත වෙඩි තැබීමක් සිදුකිරීමත් සමග ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී බරපතළ තුවාල ලැබූ මෙම පාතාල නායකයන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.

හබරකඩ වසන්ත නමැත්තා මාතර නිලේකා ජුවලර්ස් ආයතනය කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙක් බව පොලීසිය සඳහන් කරයි.

එම පුද්ගලයන් දෙදෙනා සතුව තිබූ මැෂින් ගන් වර්ගයේ ගිනි අවියක් හා මයික්‍රො වර්ගයේ ගිනි අවියක් පොලිස් බාරයට ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More