දේශීය පුවත්

නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බව තොරතුරු ලැබී ඇතැයි යාපනය පොලිසිය පවසයි.

ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේ දී සිදු කිරිමට නියමිත අතර පහත දැක්වෙන ස්ථානයන්හි සැමරුම් වැඩසටහන් සංවිධානය කර ඇති බව තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

‘යාපනය උදයන් පුවත්පත් කාර්යාලය, කෝපායි 51 වැනි බලසේනා මූලස්ථානය ඉදිරිපිට, කයිට්ස් සාඩි මුහුදු වෙරලේ, යාපනය සරසවියේ, කොණ්ඩාවිල් කාලි කොවිලේ, නල්ලූර් කෝවිල ඉදිරිපිට, චුන්නාකම්හි පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය පීඨයේ, පාසූර්හි, ඡාවකච්චේරි අරුන්දව බාලන් නැමත්තාගේ නිවස ඉදිරිපිට, චාවකච්චේරි බස්නැවතුම්පලේ, වඩුක්කොඩ්ඩෙයි අම්මාන් හින්දු කෝවිලේ, යාපනය මාටින් මාර්ගයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලය ඉදිරිපිට, කොඩිකාමම් 15 වැනි ගජබා රෙජිමේන්තු කඳවුර ඉදිරිපිට, මාල්තේරු මාර්ගයේ , වඩුක්කොඩ්ඩෙයි අම්මාන් කෝවිලේ, චාවකච්ඡේරි මුනාවිල්හි, කොණ්ඩාවිල් දුම්රියපොළ ඉදිරිපිට, යාපනය මහරෝහලේ, මාණිප්පායි නවාලි සෙන් පීටස් පල්ලියේ, මාණිප්පායි සුදුමලෙයි ප්‍රදේශයේ, යාපනය කුලප්පිඩ්ඩි මංසන්ධියේ දී, වඩුක්කොඩ්ඩෙයි සුබ්‍රා ඇතුළු ප්‍රදේශයන්හි මෙසේ මහවිරු වැඩසටහන් සංවිධානය කර ඇත.

මහවිරු සැමරුම් වැඩසටහන් සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ හෙට (27) සිදු කෙරෙන මහවිරු සැමරුම් වලදී අධිකරණ නියෝගයන්ට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් හෝ ධජය හෝ රැවක් යොදා නොගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීමට සූදානමින් සිටින බවයි.

කෝපායි පොලීසිය විසින් මහවිරු සැමරුම් සිදු කිරීමේදී මහජන සාමයට බාධා වන අයුරින් සිදු කරන සැමරුම් තහනම් කරන අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් නියෝග කර සිටියේ මහවිරු සැමරුම් සැමරීමට අවසරය ඇති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම් හෝ එම සංවිධානයට අයත් ධජය හෝ එම සංවිධානයේ සාමාජිකයින්ගේ රුව යොදා ගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීම තහනම් බවයි.

මේ අනුව යාපනය පොලීසිය ද හෙට දිනයේ දී සිදු කෙරෙන මහවිරු සැමරුම් සියල්ලක්ම පූර්ණ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආරක්ෂාව ද තර කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More