ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) වසර 05ක අත්හිටවූ සිර දඬුවම් නියම කරනු ලැබුවේය.
ඒ නොවටිනා මිළකට සීමාසහිත ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් ජාතික ඉතිකිරීමේ බැංකුවට පාඩු සිදුකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවට වැරදි කරමිනි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් හිටපු ජාතික ඉතිරි කිරීමේ සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 05 ක සිර දඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටවූ අතර ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කරනු ලැබුවේය.
යම් හෙයකින් දඩ මුදල නොගෙව්වොත් ඒ සදහා ඔහුට වසර දෙකක සිර දඬුවම් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේය.
ප්‍රදීප් කාරියවසම් යනු හිටපු අගවින්සුරු ශිරානි බණ්ඩාරනායකගේ ස්වාමිපුරුෂයායි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...