පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව හා පක්ෂව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරිම සඳහා හත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පත්කර තිබේ.
අගවිනිසුරු නලින් පෙරේරා,
ප්‍රසන්න ජයවර්ධන,
ප්‍රියන්ත ජයවර්ධන,
බුවනෙක අලුවිහාරේ,
විජිත් මලල්ගොඩ,
සිසිර ද ආබෲ,
මෘදු ප්‍රනාන්දු යන සත් විනිසුරු මඩුල්ලක් අද දින පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගයට විභාග කිරීමට පත් කරන ලදි.
අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසින් මෙම හත් පුද්ගල විනිසුරු මඩුල්ල පත්කර ඇත. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ගත් තීරණයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් හා එයට පක්ෂව පෙත්සම් 5ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් විය.
එම පෙත්සම් සළකා බැලීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් දෙසැම්බර් 7 දා තෙක් වළක්වාලමින් අතුරු තහනම් නිකුත් කර තිබේ.
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ඇතුළු ජාතික සංවිධාන විසින් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලා සිටියේය.
ආණ්ඩුව විසුරුවා හැරීම නිවැරදි බව කියන්න පූර්ව විනිසුරු මඩුල්ලක් ඉල්ලා ජාතික සංවිධාන වලින් තවත් පෙත්සමක්
Gepostet von Lanka Lead News am Freitag, 23. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...