දේශීය පුවත්

වීර කැප්පෙටිපොල හා වීර මඩුගල්ලේ දිසාවේ ඇතුළු එදා මෙදාතුර රට දැය සමය වෙනුවෙන් ජීවිත පූජා කළ විරුවන් අනුස්මරණය හා මියගිය සියලු ලාංකේය රටවැසියන්ගෙන් අනුමෝදන් කිරීම ඓතිහාසික සැමරුම් උත්සවය ඉතාම ගෞරවණීය ලෙස අනුස්මරණය කිරීම සහ පිංපෙත් අනුමෝදන් කිරීමේ උත්සවයක් අද (25) සවස කොළඹ, නිදහස් චතුරස්‍ර මන්දිරයේ දී පැවැත්විණි.

මෙම සැමරුම් උත්සවය හා පිරිත් දේශනය සඳහා පොළඹ හුණුපිටිය ගංගාරාම විහාර විහාරස්ථාන උපදේශනය අනුග්‍රහය නොඅඩුව ලැබින. ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු එම විහාරස්ථානයේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලා ද ආචාර්ය මල්වානේ චන්දරතන නායක ස්වාමීන් වහන්සේ, මහාචාර්ය කිවුලේගෙදර නාරද ස්වාමින්වහන්සේ, ආචාර්ය කපුගොල්ලෑව ආනන්ද කීත්ති ස්වාමින්වහන්සේ, ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි ස්වාමීන්වහන්සේ, ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන ස්වාමින්වහන්සේ, රාජකීය පණ්ඩිත පූලියද්දේ සුධම්ම ස්වවාමින් වහන්සේ, ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය වැඩම කරන ලදී.

ආචාර්ය කපුගොල්ලෑව ආනන්ද කීත්ති ස්වාමින්වහන්සේ, හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ මහාචාර්ය කිවුලේගෙදර නාරද ස්වාමීන් වහන්සේ ආචාර්ය කිරින්දේ ස්වාමීන් වහන්සේලාගේ ඉතාම හරවත් අනුශාසනා කිහිපයක් ද සිදු කරන ලදී.

කැප්පෙටිපොළ වීරවරයාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් සහ තුන්සූත්‍ර පිරිත් දේශනාවකින්ද සමන්විත මෙම උත්සවය සදහා අවශ්ථාවට වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ජයන්ත සහරවීර, සිසිර ජයකොඩ් ඇතුළු උත්සව අවස්ථාවට කැප්පෙටිපොළ හා මඩුගල්ලේ පරපුර නියෝජනය කරමින් ඥාතීන් ද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More