දේශීය පුවත්

ලබන ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ඇස්බැස්ටස් තහනම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයයේදී ඊයේ(19) දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඇස්බැස්ටස් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය ආනයනය ලබන පළමු වැනිදා සිට තහනම් කිරීමටත්, ලබන 2020 සිට ඇස්බැස්ටස් සම්පූර්ණයෙන් තහනම් කිරීමටත් රජය මීට පෙර තීරණය කර තිබිණි.

සෞඛ්‍ය අංශ විසින් එම ඇස්බැස්ටස් වර්ගවල හානිකර තත්ත්වය අඩු බව අනාවරණය කරගැනීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහට ලක් විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඇස්බැස්ටස් අමුද්‍රව්‍ය ආනයනය කරන ප්‍රධාන රට වන රුසියාව මෙරට තේ සඳහා පනවා ඇති තහනම ක්‍රියාත්මක කර දින කිහිපයක් ගතවීමට පෙර මෙලෙස එම තහනම ඉවත් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ දී රුසියාව පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවූ තේ තහනම සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More