දේශීය පුවත්

නතා ඇසට නොපෙනෙන තැන්වල සිට හැංගි හැංගි හවුල් හදන්නේ නැතිව එළියට විත් මහා මැතිවරණයකට නොබියව මුහුණ දෙන ලෙස එක්සත් ජාතික පක්ෂයට,ජනතා විමුක්ති පෙරමුණට සහ දෙමළ සන්ධානයට තමන් අභියෝග කරන්නේ යැයි ජාතික ඒකාබද්ධතා,සංහිදියා සහ රාජ්‍ය භාෂා ඇමැති වාසුදේව නානායක්කාර මහතා පැවසිය.ඊයේ (25) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

නව ආණ්ඩුව පත්වී කෙටි කාලයක් තුළ මේ වන විට ජනතාවට සහන රැසක් ලැබී ඇති බවත් ඒ නව පරිවර්තනය නැති කිරීමට මාන බලන කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීමට එරෙහිව පෙළ ගැසෙනවා.

අද වැඩ කරන ජනතාවට පහළ මැද පන්තියේ ජනතාවට සහන රැසක් ලැබී තිබෙනවා.කෘෂි කර්මාන්තයට විශේෂ සහන ,ගොවි ණය කපා හැරීම් ,ණය පොලී දඩ, පොලී කපා හැර තිබෙනවා. මේ සඳහා නව මුදල් ඇමැතිවරයා ලෙස අගමැතිතුමන් විශාල සහන ලබා දුන්නා .මේ අලුත් පරිවර්තනය ඉවසන්නට බැරි බලවේග ,කුමන්ත්‍රණ කරනවා .අපි මේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට එරෙහිව බලවේග පෙළගස්වමින් සිටිනවා.අපේ අරමුණ වන්නේ අපි ලැබු ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීමයි.

එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ ,දෙමළ සන්ධානය හවුල් සදන්නේ කාටවත් නොපෙනෙන තැන්වල සිටයි.මේවා ජනතාවට පේන්න කළ යුතුයි.මම අභයෝග කරනවා මේ අයට එළියට විත් ඔය ගිවිසුම් ගහන්න කියලා.

මේ අය හිතනවා ඇති අපට ජන බලවේගය නැහැ කියා . එදා ගෝල්ෆේස් පිටියට ,පාර්ලිමේන්තු වටරවුමට ගෙන ආ ජනගඟ ජනතාවට මතකයි.මේ කුමන්ත්‍රණ කරුවන්ට එරෙහිව ජනතා බලවේග එක්රැස් කරන්නට අපි සූදානම් .අප ලද ජයග්‍රහණ විනාශ කරන අපේ සතුරන් ,දිනපතා මේ වගේ ජනතාව ගෙන්වනවා නම් අපි අපේ ශක්තිය පෙන්වන්න්ට ජනතා බලවේග පැයෙන් පැයට ගෙන්වන්න සූදානම්.

අපි විශ්වාස කරන්නේ ජන බලය පෙන්වීමට ඇති හොඳව ක්‍රමය පාර්ලිමේන්තු ඡන්දය බවයි. මේ කුමන්ත්‍රණ කරුවන් පාර්ලිමේන්තු ඡන්දයට මේ තරම් බය ඇයි?.ඡන්දයක් තියනව නම් මේ රටේ පොදු ජනතාවගේ මතය හෙළිවේවි. මේ අධිරාජ්‍යවාදී දක්ෂිණාංශික ප්‍රතිගාමීන් වන අය ඒකට බයයි.

අද අප රටේ පළවන ඇතැම් මුද්‍රිත මාධ්‍ය මේ ජනතා ව්‍යාපාරයට විරුද්ධව රංචු ගසමින් සිටිනවා. මේ රංචු ගසන්නේ අපේ ආණ්ඩුවට විරුද්ධව.අපට මේ අය කියන්නේ ඒකාධිපති වියරුවක් තිබෙනවා කියලයි. නමුත් අප එසේ නම් පාර්ලිමේන්තුව කල් දම දමා ඉන්න තිබුණා.නමුත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ කිසිසේත් පාර්ලිමේන්තුව කල් නොදමන බවයි.මේ රටේ මිනිසුන්ගේ ඡන්ද අයිතිය සුරකින්න, ජනතා මතයට ගරු කරමින් ඡන්දයක් තියන්න කියනවිට මේ රංචු ගසන කල්ලි අපට විරුද්ධව ලියන්නේ ඇයි දැයි යන්න ප්‍රශ්නයක්.

මේ නිසා අප කියන්නේ එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ ,දෙමළ සන්ධානය පමණක් නොවේ මුස්ලිම් කොන්ග්‍රසය තව ඕනැම පක්ෂක් හවුල් වෙලා ඡන්දයකට එන්න හැංගි හැංගි ඉන්නේ නැතිව.අපි මේ බලවේග පරාජය කිරීමට සූදානම් .කවුරුන් කුමන බාධක දැම්මත් අපේ ගමන අපි යන එක නවත්වන්නේ නැහැ යැයිද ඇමැතිවරයා කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More