ව්‍යාපාරික පුවත්

මෙරට ව්‍යාපාරිකයන් විසින් විදේශයන්හි රඳවා තිබෙන මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධන බදු විමුක්ති පැකේජය නමින් සහන පැකේජයක් හඳුන්වාදෙන බව ආයෝජන ප‍්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පැවසීය.

එම මුදල්, මුදල් අමාත්‍යංශය විසින් අනුමත කරන ව්‍යාපති සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව සළසා දෙන බවත් අමාත්‍යවරයා කීය.

එලෙස ආයෝජනය කරනු ලබන මුදල් සඳහා අතීතයට බලපාන ආකාරයට බදු පැනවීමක් සිදු නොකරන බවත් අනාගතය සඳහා වසර පහක කාලයක් බදු සහනයක් ලබාදෙන බවත් ඔහු කීය.

මේ හේතුවෙන් වසර දෙකක කාලයක් ඇතුළතදී ඇමරිකානු ඩොලර් බිලියන 8 – 10ත් අතර මුදලක් මෙරටට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවැසීය.

කොළඹ, මල්පාරේ පිහිටි අගමැති කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More