පසුගියදා අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී සිය බලය දිගින් දිගටම කඩා වැටීම නිසා ඇතිව තිබෙන අර්බුදය ගැන දීර්ඝව කරුණු දක්වා තිබේ.
එහිදී අරලියගහ මන්දිරයේ බලෙන රැඳි සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාපයේ මන්ත්‍රී පිරිසට චම්පික රණවක මන්ත්‍රීවරයා විසින් දේශපාලන පාඩමක් ඉගැන්වීමට කටයුතු කර තිබේ.
එහිදී තම පිලට ඇති පරාජයේ ඉරණම ගැන විග්‍රහයක් කරමින් දේශනයක් කර තිබේ. තමන්ට දැඩි අවාසි දායක තත්වයක් නිර්මාණය වී ඇති බවත් ඉදිරි මැතිවරණයට කෙසේ හෝ මුහුණ දීමට සැලසුම් සකස් කළද පරාජය නියත බවත් එහිදී විග්‍රහය මගින් පෙන්වා දී ඇත.
“අපි මේ විදියට තවදුරටත් ඉදිරියට ගියොත් අපි වැටෙනවා. අල්ලන් ඉන්න බෑ. අපිට අවාසිම පළාත් සභා මැතිවරණය. ජනාධිපතිවරණයක් නැත්නම් මහ මැතිවරණයකට හරි යා යුතුයි. පාවෙන ඡන්ද මේ වන විට හෙල්ලීමකට ලක්වෙලා. නමුත් ඒ ඡන්ද දිනා ගන්න නම් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ නායකත්වයේ පවා වෙනසක් වියයුතුයි. නැත්නම් අපිට දරුණු පරාජයකට මුහුණ දෙන්න වෙයි. “ චම්පික රණවක එජාපයේ පරාජය වීමේ හැකියාව ගැන විග්‍රහයක් කර තිබේ.
ඒ බව ඇත්ත බව වටහා ගත්තත් එන පොට හොද නැති බව තේරුම් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ක්ෂණිකව නැගිට ගොස් තිබේ. රාජිත සේනාරත්න ද සිය මෙහෙයුම් අඩපණ වී ඇති බව එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
එහිදී එජාප මන්ත්‍රීවරුන් පුදුම සහගතව බලා සිට ඇති අතර එහිදී ඔවුන් කියා ඇත්තේ “ දැන් අපිත් තීරණයක් ගමු. ආණ්ඩුවට එකතුවෙලා ඡන්දෙකට යමු“ යනුවෙනි.
එම අවස්ථාවට එක්ව සිටි එජාප ප්‍රබලයෙකු පසුපෙල මන්ත්‍රී පිරිසකට යෝජනාවක් කර ඇත. “ පක්ෂ නායකකම හැර යන්න ලොක්කා කීයටවත් කැමති නෑ. ඒක ස්ථීරයි. එදා අපේ රැස්වීමේදීත් කිව්වා. පොදු අපේක්ෂකයෙක් ගෙනත් මේ පාරත් පක්ෂය ඉවර කරනවා. අපි කණ්ඩායමක් විදියට ආණ්ඩුවට සහය දෙමු.“ යැයි එජාප ප්‍රබලයෙකු යෝජනාවක් කර තිබේ.
කෙසේ වෙතත් මේවන විට ආණ්ඩු පක්ෂයේ ප්‍රබල ඇමැති දෙපලක් සමග එජාපයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු සහ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සහය පල කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි එජාප ආරංචි මාර්ග පැවසී ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...