ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය නිවැරදි තීරණයක් බව බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ සම ලේකම් මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ පැවසූහ.
2015දී මේ රටේ හැට දෙලක්ෂයක් ජනතාව අපේක්ෂා කළේ යහපාලනයක් බවත් රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා 2015 ජයග්‍රහණය ඔහුගේ ජයක් කියා සිතමින් වැඩ කිරීම තුළ යහපාලන අරමුණු අමතක කළ බවත් ඒ හිමියෝ සති අන්ත ජාතික පුවත්පතක් සමග කළ සංවාදයකදී මේ බව ප්‍රකාශ කර තිබේ.
රාජ්‍ය සම්පත් දේපල කොල්ලකන, ලෝකයම අතපොවන රටක් හැටියට අපේ රට පසුගිය දවස්වල ප්‍රසිද්ධ වූ බවත් මේ කටයුතු සිදුවීමේදී ජනාධිපතිවරයා විශාල ලෙස තනි වීමක් සිදු වූ බවත් ඒ හිමියෝ පැවසූහ.
එම කාරණා ගැන ඉවසා ගත නොහැකිව ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවත් එසේ නොවුණානම් රට අගාධයකට පත් වන බවත් මංගල සමරවීර කටයුතු කළේ දෙමල ඩයස්පෝරාව සමඟ බවත් ජනාධිපතිවරයාට අංශු මාත්‍රයකින්වත් පාලනය කර ගත නොහැකි ලෙස එම පිරිස වැඩ කළ බවත් ඒ හිමියෝ පෙන්වා දුන්හ.
පැවැති තත්ත්වය තිබුණා නම් රට තවත් කඩා වැටීමකට පත්වන බවත් ඒ නිසා ජනාධිපතිවරයා ගත් තීන්දුව නිවැරදි බව ද පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ අවධාරණය කළහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...